බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා තහනමත් සමග ඇෆග්නිස්තානයේ රාජ්‍ය නොවන සංවිධාන සිය සහන සේවා නවතා දමයි

by Lankasara News
දෙසැම්බර් 27, 2022
in පුවත්
afghan
Share on FacebookShare on Twitter

තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සේවය කිරීම තහනම් කිරීමෙන් පසු ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන තුනක් ඇෆ්ගනිස්ථානයේ වැඩ නවතා තිබේ.

ඒ අනුව කෙයා ඉන්ටර් නැෂනල්, නෝවීජියින් රෙෆියුජී කවුන්සිල් සහ සේව්ද චිල්රන් යන සංවිධානයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අපගේ කාන්තා කාර්ය මණ්ඩලය නොමැතිව” වැඩ කටයුතු කරගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

මෙහිදී මෙම ආධාර කණ්ඩායම් ඉල්ලීම් කර ඇත්තේ කාන්තාවන්ට ඔවුන්ගේ ආයතන වෙනුවෙන් දිගටම සේවය කිරීමට ඉඩ දෙන ලෙසයි. කෙයා ඉන්ටර් නැෂනල්, නෝවීජියින් රෙෆියුජී කවුන්සිල් සහ සේව්ද චිල්රන් හි ප්‍රධානීන් පැවසුවේ ඔවුන්ගේ කාන්තා කාර්ය මණ්ඩලය නොවන්නට 2021 අගෝස්තු මාසයේ සිට දැඩි මානුෂීය අවශ්‍යතා ඇති මිලියන සංඛ්‍යාත ඇෆ්ගනිස්ථානුවන් වෙත සහන සැලසීමට නොහැකි වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම මානුෂීය සම්බන්ධීකාරක රමිස් ඇලක්බරොව් පැවසුවේ තහනම ආපසු හැරවීමට එක්සත් ජාතීන් උත්සාහ කරන බවත් එය “සමස්ත මානුෂීය ප්‍රජාවටම අයහපත් බවත්ය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය කාන්තා අයිතීන් ක්‍රමානුකූලව මර්දනය කරමින් සිටියි. එහි නවතම පියවර ලෙස රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නවතම ආඥාව නිකුත් වූයේ තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කර දින කිහිපයකට පසුවය.

තලේබාන් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දෙල් රහ්මාන් හබීබ් කියා සිටියේ විදේශ ආධාර කණ්ඩායම්වල කාන්තා සේවිකාවන් හිජාබ් පැළඳ නොසිටීමෙන් තලේබාන් සංවිධානය විසින් කාන්තා ඇදුම් සම්බන්ධයෙන් පනවා ඇති නීති කඩ කර ඇති බවයි.

ඒ අනුව මෙම නීති කඩිනමින් පිළිපදින්නේ නැති ඕනෑම සංවිධානයක බලපත්‍රය අවලංගු කරන බවට තලේබාන් සංවිධානය තර්ජනය කළේය.

Share69Tweet43
Previous Post

රෝහලට ගෙන යනවිටත් ෂාෆ්ටර් මිය ගිහින් … වෛද්‍ය වාර්තා තහවුරු කරයි…

Next Post

මගෙ අනාගතයට හානි වුනා කියලා මා විශ්වාස කරන්නෙ නෑ… තිලිණි ප්‍රියමාලි….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.