ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට නීතිපතිවරයා විසින් අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ භාරදීම සිදුවුයේය.
ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණය නියෝග කර තිබේ.
කෙසේ නමුත් පූර්ව නඩු විභාගය සම්බන්ධ තීරණය සඳහා නඩුව මාර්තු 27 වන දිනට කල් තබා තබේ.







