සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ලෝකයේ මහා සටන වූ ඉන්දු – පකිස්ථාන තරගය  මහ වැසි මැද සේදී යයි ද?… ලෝකයේම බලාපොරොත්තුවේ දෑස් කොළඹට…

by editor
පෙබරවාරි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල එම් හීනටියන –

ලෝක ක්‍රිකට් පිටියේ උද්වේගකරම සටනවන ඉන්දියාව සහ පකිස්ථානය අතර හෙට (පෙබරවාරි 15) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගය වටා මේ වන විට දැඩි අවිශ්වාසයක සෙවනැලි පැතිර තිබේ.

එයට හේතුව  හෙට දිනයේ කොළඹ අහසේ සැරිසරන වැහි වලාකුළු තරගයේ තීරකයා වීමට ඇති ඉඩකඩ වැඩි වීමය. මේ තත්ත්වය සම්බන්ධව ජාත්‍යාන්තර මාධ්‍යය ද ස්වකීය අවධානය යොමු කර ඇති අයුරු දුටුවෙමි.

බෙංගාල බොක්කේ කැළඹීම සහ කාලගුණ අනාවැකිය

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයක් හේතුවෙන් දිවයින පුරා   වැසි තත්ත්වයක්   වර්ධනය වෙමින් තිබේ.

පස්වරු 7:00 ට ආරම්භ වීමට නියමිත මෙම තීරණාත්මක තරගයට පෙර සහ තරගය අතරතුර කාලගුණයේ ස්වභාවය සම්බන්ධ   පුරෝකථනයන් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු හෝදා දමන සුළුය.

හෙට දිනයේ තරග පවතින කාලය තුළ කාලගුණ පුරෝකථනය…

කාසිය වාසය බැලීමට නියමිත හෝරාවේදී එනම් පස්වරු  5-6 අතර වර්ෂාව ලැබීමේ සම්භාවිතාව 50% – 70% දක්වා ඉහළ මට්ටමක පවතී.  මේ කාලය තුළ අපේක්ෂා කරන්නේ    තද ගිගුරුම් සහිත දැවැන්ත වර්ෂාවකි.  මේ තත්ත්වය තුළ තරගය ආරම්භ කිරීම ප්‍රමාද වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

කෙසේ වෙතත්   තරගය අතර තුර, එනම්  පස්වරු 7 – 11 අතර රාත්‍රී කාලයේදී වර්ෂාපතන සම්භාවිතාව 25% දක්වා අඩු වී යයි.  ‘AccuWeather’ වැනි ඇතැම් කාලගුණ අනාවැකි ප්‍රකාශ කරන පිළිගත් වෙබ් අඩවි අනුව එම කාලය තුළ වැසි ඇති වීමේ සම්භාවිතාව  9%-20% දක්වා අඩු වීමේ ප්‍රවණතාවක්  ඇත.

කෙසේ වෙතත්, වලාකුළින් බර වූ අහස සහ අධික ආර්ද්‍රතාවය (70%-74%) හේතුවෙන් අතරින් පතර වැසි තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බව අවසාන පුරෝකථනය ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩාංගනවල  ක්‍රීඩාංගන සේවක මණ්ඩලවල කාර්යය  සම්බන්ධව ලොව පුරා විශිෂ්ට ඇගයීමක් පවතී. ඔවුහු විනාඩි කීපයකින් මුළු ක්‍රීඩාංගනයම ආවරණය කරමින් ආවරණ අතුරා ඕනෑම වැසි සහිත තත්ත්වයක් තුළ භූමිය නොතෙමී ආරක්ෂා කිරීමේ විශිෂ්ට හැකියාව පිළිබඳ සහතික කර තිබේ.

එමෙන්ම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සතුව විශිෂ්ට ජල අපවහන පද්ධතියක් තිබේ.  මේ තත්ත්වය තුළ  වර්ෂාව නැවතුණු විගස මිනිත්තු 30ක් වැනි කෙටි කාලයකින් තරගය යළි ඇරඹීමට බලධාරීන් සියල්ල සම්පාදනය කර ඇත.

RPremadasaStadium
වැසි තත්ත්වය මැද ක්‍රීඩාංගනය තෙතමනයෙන් ආරක්ෂා කරන ආකාරය…

නීති සහ තීරණ

මෙය මූලික වටයේ තරගයක් බැවින් මේ සඳහා අතිරේක දිනයක් (Reserve Day) වෙන් කර නොමැත. ICC රෙගුලාසි අනුව තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් කණ්ඩායම් දෙකම අවම වශයෙන් පන්දු වාර 5 බැගින් ක්‍රීඩා කළ යුතුය.

යම් හෙයකින් වර්ෂාව නිසා තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවුවහොත් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වනු ඇත. එහෙත් තරගය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් මෙන්ම ලොව වටා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ එකම ප්‍රාර්ථනාව වී ඇත්තේ, වර්ෂාවෙන් තොර උද්යෝගිමත් ක්‍රිකට් තරගයක් හෙට රාත්‍රියේ දැක ගැනීමට ලැබීමය

කෙසේ වෙතත් මේ තත්ත්වය ක්‍රීඩාවේ පූර්ව සැලසුම සහ තරග රටාවන් වෙනස් කරනු ඇත. තෙතමනය සහිත තණතීරුව ආරම්භක පන්දු යවන්නන්ට වාසිදායක විය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති. විශේෂයෙන්ම වර්ෂාව නිසා පන්දු වාර සංඛ්‍යාව අඩු වුවහොත්, හර්දික් පාණ්ඩ්‍යා වැනි තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ සහ ඉෂාන් කිෂාන් වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ භූමිකාව ඉන්දියාවට  තීරණාත්මක වනු ඇත.

ක්‍රීඩා ලෝලීන්ගේ උන්මාදය සහ වැය කළ මහා ධනස්කන්ධය

කාලගුණය කුමන බාධා පැමිණවුවද, මෙම තරගය වෙනුවෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් දරා ඇති පිරිවැය සහ කැපවීම අතිමහත්ය. පෙබරවාරි මස මුල් දින 12 තුළ පමණක් මෙරටට විදේශිකයින් 124,000 ක් පැමිණ ඇති අතර ඉන් සැළකිය යුතු පිරිසක් ඉන්දු – පකිස්ථාන තරගය වෙනුවෙන්ම පැමිණි අය වෙතැයි ගණන් බලා තිබේ.  තක්සේරුව අනුව ඉන් සියයට විස්සක්ම  මේ තරගය වෙනුවෙන්ම ලංකාවට පැමිණි ක්‍රීඩා ලෝලීන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව 24 000කට ආසන්නය.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය ලංකාවේ ඇති විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ය. එහි එක්වර ප්‍රේක්ෂකයින් 35000කට තරගය නැරඹිය හැකිය.  ඉන්  24000ක්ම පිරෙනු ඇත්තේ මේ සංචාරක ප්‍රේක්ෂකයින්ගෙන් වීම සැලකිය යුතුව තිබේ. ඔවුන් අතර ඉන්දියා –  පකිස්ථාන ප්‍රේක්ෂකයින් පමණක් නොව,  ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, මැද පෙරදිග රටවල පිරිස් ද වෙති. මෙම සුවිශේෂී උන්මාදය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රධාන නගරවල සිට කොළඹ දක්වා වන ගුවන් ටිකට්පත් මිල ද සාමාන්‍ය අගයට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.

මේ තත්ත්වය තුළ තරගයේ ප්‍රවේශපත්‍ර සඳහා අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගෙන් ඇත්තේ අතිශය විශාල ඉල්ලුමකි. මේ වනවිට කළු කඩයේ ඉන්දු – පකිස්ථාන තරගයේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් ලක්ෂයකට, VIP ප්‍රවේශ පත්‍රයක් ලක්ෂ 02ක දක්වා මිලකට  අලෙවි වන බවට සමාජ මාධ්‍ය වාර්තා පලවී ඇත.

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ හෝටල් සියල්ලම පාහේ මේ වන විට අතුරු සිදුරු නැතිව පිරී පවතින අතර, සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 150 ක් පමණ වන කාමරයක මිල මේ වන විට ඩොලර් 660 (රුපියල් ලක්ෂ දෙකකට ආසන්න) දක්වා ඉහළ ගොස් තිබේ. විදේශිකයෙකු මෙම තරගය නැරඹීම සඳහා ගුවන් ටිකට්පත් සහ නවාතැන් ඇතුළු සියලු පහසුකම් වෙනුවෙන් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5 ත් 7 ත් අතර පිරිවැයක් දරා ඇත.

මේ වනවිට ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තුවේ දෑස් කොළඹ දෙසට යොමු වී ඇති බව ලියා තබමු. කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසකගේ බලාපොරොත්තුව වී ඇත්තේ සොබාදහම තත්පරයකට හෝ නිහඬ වී, ලෝක ක්‍රිකට් පිටියේ මෙම මහා සටන නැරඹීමට අවස්ථාව සලසා දෙනු ඇති බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්නාරම මුහුදේ දී මත් ද්‍රව්‍ය සමග ඩිංගි බෝට්ටුවක් අත් අඩංගුවට…

Next Post

පකිස්ථානය සූදානම් වුවත් ඉන්දියාව හෙටත් අතට අත දීම ප්‍රතික්ෂේප කරයි ද?… ඒ අප්‍රසන්න දැකුම ලෝකයට දකින්නට නොලැබේවා!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.