කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්රධාන සැකකරුත් සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්රධාන සැකකරුගේ රියදුරා අද කළුතර මහේස්ත්රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
එමෙන්ම පාසල් සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උපකාරක පංති ගුරුවරයා ද අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.
එමෙන්ම කළුතර – පයාගල ප්රදේශයේ විහාරස්ථානයක එකොලොස් හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විහාරස්ථානයේ විහාරාධිපති චීවරධාරිය සහ අනෙක් චීවරධාරීන් දෙදෙනා ද අද යළි කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ..







