මධ්‍යම අමෙරිකාවේ කොස්ටාරිකා හී සත්වෝද්‍යානයක වසර 16ක් පමණ හුදෙකලාව ජීවත් වූ “කන්‍යා කිඹුලියක් මවක වී ඇතැයි වාර්තා වන අතර එය ලොව ප්‍රථම අවස්ථාව වන බව විද්‍යාඥයන් විසින් ලේඛනගත කර ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
වසර 16ක පමණ කාලයක සිට පිරිමි සතුන් සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණද 2018 වසරේදී ගැහැණු කිඹුලා බිත්තර 14ක් තම වටලෑම තුළ නිපදවූ බව පර්යේෂකයෝ පවසති.
එක් බිත්තරයක සම්පූර්ණයෙන්ම සෑදී ඇති මළ කිඹුලෙකු සිටින බව සොයා ගැනීම පර්යේෂකයන්ගේ විමතියට හේතු වී තිබේ.
Biology Letters සඟරාවේ බදාදා පළ වූ අධ්‍යයනයට අනුව, විද්‍යාඥයන් කිඹුල් කලලයේ ජාන සැකැස්ම පරීක්‍ෂා කර ඇති අතර එය පිරිමින්ගේ ජානමය දායකත්වයකින් තොරව ෆැකල්ටේටිව් පාර්ටිනොජෙනිස් (FP) හෝ ප්‍රජනනයක ප්‍රතිඵලයක් බව පෙන්වන DNA අනුක්‍රම ඔවුහු සොයා ගත්හ.
පර්යේෂණ පත්‍රිකාවේ මවගේ රූපයක් සහ සම්පූර්ණයෙන් සෑදී ඇති මළ කිඹුල් බිළිඳාගේ රූපයක් ඇතුළත් වන අතර පසුව පරීක්ෂණවලින් පෙන්නුම් කළේ එය ගැහැණු සතකු බවයි.
සමහර විද්‍යාඥයන් “කන්‍යා උපත” යන කෙටි යෙදුමෙන් සඳහන් කර ඇති FP හි සංසිද්ධිය අනෙකුත් මාළු, කුරුල්ලන්, කටුස්සන් සහ සර්ප විශේෂවල ද ලේඛනගත කර ඇත.
විද්‍යාඥයින් පවසන්නේ කිඹුලෙකුගේ පළමු උදාහරණය මෙය බවයි.
FPහි, පිරිමි ශුක්‍රාණු සෛලයකින් සංසේචනය නොවී ගැහැණු බිත්තර සෛලය ළදරුවෙකු බවට වර්ධනය විය හැකි බව එහිදි විද්‍යාඥයෝ කියා සිටියහ.
රොයිටර්ස් ඇසුරිනි







