අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ සංස්ථා ලොක්කා පැන්නුවේ  අප හෙළි කරපු අක්ෂි කාච වංචාව නිසා… ඒත් ඔහු බිලි දී  මහා චෞර කොල්ලය නවත්වන්න බෑ… පෙරටුගාමීන් කියයි!  

by editor
අගෝස්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුවට සිදුවූයේ එහි දූෂණ හෙලිදරව් කරමින් අරගල කළ නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

අද 16 දින එම පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ . අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  ඒ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

“රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව සිටි නීතීඥ සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද උදෑසන වාර්තා වුණා. ඔහුට ඉල්ලා අස්වන ලෙස පවසා ඇත්තේ ඖෂධ මිලදී ගැනීම් වලදී සිදුකෙරුණු විශාල වංචා ප්‍රමාණයක් නිසා බව වාර්තා වී තිබෙනවා. “

“ඔහු සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ KPMG වැනි විගණන ආයතනවල වාර්තා විවිධාකාර දූෂණ චෝදනා එල්ල කළා. වසර ගණනක් තිස්සේ මේ වාර්තා සියල්ල කුණු කූඩයට දමන තරමේ දේශපාලන රැකවරණයක් ඔහුට තිබුණා. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණයට හේතුවී තිබෙන ආසන්නතම හේතුව අප විසින් හෙලිදරව් කළ අක්ෂි කාච මිලදී ගැනීමේ අක්‍රමිකතාව. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ පසුගිය අප්‍රේල් මාසයේ ඖෂධ නීතිගත සංස්ථාව හරහා අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳෙව්වා. එහිදී ඒ සියල්ල සඳහා එකට ටෙන්ඩර් කැඳවීම වෙනුවට අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව හරහා කාච 18,000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා කාච 82,000ක් කොටස් කර මිලදී ගැනීමේ ටෙන්ඩර් 8ක් ලෙස ටෙන්ඩර් 9ක් කැඳෙව්වා.”

“සංස්ථාවේ ටෙන්ඩර් වලදී සිදුව ඇති අක්‍රමිකතා රාශියක් අපි හෙලිදරව් කළා. ටෙන්ඩර් තැන්පතු චෙක්පත් වලින් ලබාදීම, අගරු චෙක්පත් ලබාදුන් සමාගම්වලට එරෙහි පියවර නොගැනීම, එක්සත් රාජධානියේ සමාගමක් ලෙස ව්‍යාජ තොරතුරු ලබාදී ඉන්දියාවේ සමාගමකින් කාච මිලදී ගැනීම වැනි ප්‍රශ්නකාරී සිදුවීම් රැසක් තිබුණා. අප ඉදිරිපත් කළ චෝදනා නිවැරදි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිලිගෙන තිබෙන බව ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කිරීමෙන් පැහැදිලියි.”

“නමුත් නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කරන්නේ තනි නිලධාරියෙකු නෙවෙයි. මේක දේශපාලඥයන්, ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් සහ ගජමිතුරු චෞර ව්‍යාපාරික වළල්ලක් එක්ව ක්‍රියාත්මක වන ජාලයක්. මේ චෞර ජාලය එක් පුද්ගලයෙකු බිලිදී ඇඟ බේරා ගැනීමට සැරසෙනවා. “

“ජනතාව එයට ඉඩ නොදිය යුතුයි. රෝගී ජීවිත මරු කටට යවන, මහජන අරමුදල් කාබාසිනියා කරන, නිදහස් සෞඛ්‍ය සේවය මරා දැමීමට සැරසෙන මේ විනාශකාරී ජාලයම පරදවන තුරු අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. “

“ඒ සඳහා සංවිධානාත්මක බලයක් ගොඩ නගන්න අපි හැම දෙනාටම ආරාධනා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ආකාරයේ සුළු තීරණයක් වුවත් ගැනීමට සිදුවුණේ නිහඬව, නිවටව නොසිට හඬ නැගූ නිසා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. එය යලිත් ඔප්පුවී තිබෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර මහ රෝහල ඉදිරිපිට රෝගීන් බලන්න පැමිණි අය හා ආරක්ෂක අංශ අතර ගුටි කෙළියක්! 02ක් රෝහලේ…

Next Post

ශ්‍රී ලාංකික පුද්ගලයෙක් කැනඩාවේ දී මහල් නිවාසයකින් පැන සිය දිවි නසා ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.