සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ වර්ගවල මිල පාලනය ඉවත් කරන්න… ඖෂධ නියාමන අධිකාරිය මවිත කරමින් සෞඛ්‍ය ඇමතිම ඉල්ලයි !

ඖෂධ නියාමන අධිකාරියේ දැඩි විරෝධය මැද චන්න ඇමති මිල පාලන යෝජනාව අකුලා ගනී..

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • මිල පාලනය ඉවත් නොකළොත් බෙහෙත් සමාගම් බෙහෙත් ගෙන්වීම නවත්වයි ලු…  චන්න ඇමතිගේ යෝජනාවට එරෙහි වූ ඖෂධ නියාමන අධිකාරිය විය යුත්ත සහ සුද්දෙන් කියා දෙයි…

විදේශ විනිමය අර්බුදය මැද ඉහළ යන ඖෂධ මිල පාලනය කිරිම සඳහා මේ වනවිට ඉදිරිපත්ව ඇති විකල්ප වෙනුවට දැනට උපරිම සිල්ලර මිලක් සහිත ව මිල පාලනයක් යටතේ පවතින ඖෂධ වර්ග හැටක  උපරිම සිල්ලර මිල  සහ මිල පාලනය පිළිබඳව පවතින රෙගුලාසි ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඖෂධ නියාමන අධිකාරිය වෙතින් ඉල්ලා ඇති බව එම අධිකාරියට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (25) අමාත්‍යවරයා ඖෂධ අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී   සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි සේ අවධාරණය කර අත්තේ  මෙම ඖෂධවල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට හෝ ලාබ ආන්තිකය සියයට 90ක සීමාව දක්වා ඉහළ දමන ලෙසය.

ඔහු එලෙස පවසා ඇත්තේ මේ වනවිට ඩොලරයේ අගය වේගයෙන් ඉහළ සහ පහළ යාම හමුවේ ඖෂධ ආනයනකරුවන් ඖෂධ ගෙන්වීමෙන් වැලකී සිටියහොත දැඩි ඖෂධ හිඟයක් ඇතිවේය යන්න පෙන්වා දෙමිනි.

මෙහිදී ඖෂධ නියාමන අධිකාරියේ යෝජනාව  වී ඇත්තේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ සහ රටේ ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින දැඩි ආර්ථික අර්බුද හමුවේ ජනතාවට උපරිම ලාබදායී ලෙස  ඖෂධ සැපයීම සඳහා  සහ විදේශ සංචිත අරපිරිමැස්මෙන් ඒ සඳහා භාවිත කිරීමට පවතින විකල්ප කෙරෙහි අවධානය යොමු කළ යුතු බවකි.

ඒ අනුව ඔවුන් යෝජනා කර ඇත්තේ  එකම ඖෂධයේ විවිධ සන්නාමවලින් ගෙන්වීම සීමා කිරීමකට ලක් කළ යුතු බවය. නිදසුනක් ලෙස එක් ප්‍රතිජීවක ඖෂධ වර්ගයක් වෙළෙඳ නාම 20කින් පමණ විවිධ සමාගම්වලින් ගෙන්වන පසුබිමක් තුළ එම ඖෂධ සංඛ්‍යාව අඩු කිරීමට ඔවුන් යෝජනා කර ඇත. ඊට අමතරව ඖෂධවල දැනට පවතින උපරිම මිල යම් සංශෝධනයකට ලක් කිරිමටද ඖෂධ අධිකාරිය  යෝජනා  කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙලෙස අමාත්‍යවරයාගෙන් යෝජනාව  විරුද්ධ වී ඇති ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥයන් ඇතුළු නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙවැනි මිල පාලනය ඉවත් කිරීමක් කළහොත් ඖෂධ සමාගම් හිතුමතයේ ඔවුන්ගේ ලාබ ආන්තික උපරිම කරගෙන සෙසු පාරිභෝගික භාණ්ඩ මේ දිනවල වැඩි කර ඇති ආකාරයෙන්ම කොල්ලකාරී ලෙස මිල වැඩි කරනු ඇති බව පෙන්වා දෙමිනි.

කෙසේ වුවද ඖෂධ නියමාන අධිකාරියේ නිලධාරීන්ගේ කරුණු දැක්වීම් හමුවේ අමාත්‍යවරයා සිය ඉල්ලීම යටපත් කරගෙන ඇති බව ඖෂධ අධිකාරියේ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වාසභංගයට සහාය දෙනවාද නැද්ද පිළිබඳ තවම තීන්දුවක් නෑ… ටී.එන්.ඒ කියයි!

Next Post

ටී.එන්.ඒ’ වැනෙද්දි විග්නේෂ්වරන් විශ්වාසභංගයට කැමැත්ත පල කරයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.