බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ දත්ත මැකූ පුද්ගලයා මාසෙකට කලින් ඉල්ලා අස්වීම දීලා – හරීන් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයා එම සිද්ධිය වීමට මසකට පෙර අදාළ සමාගමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබූ බවත් ඔහු ඊළඟ රැකියාව සඳහා ‘යර්ස් වී කැන්’ නමින් පසුගිය කාලයේ ප්‍රචාරණ ව්‍යාපාරයක් කළ සමාගමකට යාමට සැලසුම් කර ඇති බවත් සමගිි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම දත්ත මැකීම හිතාමතාම කළ බවක් පෙනී යන බවත් අදාළ දත්ත මැකීම පමණක් නොව, ඒ මැකුවේ කවර පුද්ගලයකුද යන්න දැනගැනීමට ඇති හැකියාව පවා ඉවත් කර ඇති බවත් සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ පසුපස පවතින ජාවාරම පිළිබඳ සොයාබැලිය යුතු බව අවධාරණයය කළේය.

මැකී ගිය දත්තවල තිබුණේ සංවේදී ඖෂධ තොරතුරු පමණක් නොව මුඛ ආවරණ, සිරුරු ආරක්ෂණ ආවරණ, සිරින්ජර් ආදිය ලබාදීම සඳහා වන ටෙන්ඩර් සම්බන්ධ දත්ත ද මෙමගින් මැකී ගොස් ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

වැඩිදුරටත් එහිදී මේ පිළිබද කරුණු හෙළිකළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා,

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“මේක තමයි පට්ටපල් අමූලික ලැජ්ජ නැති බොරුව. ඔය ඩේටාවලටත් වෛරස් ගහනවා….NMRA දත්ත මකපු සිද්ධියට අල්ලගත්තේ ඒකේ CEOව. ‍මොකද ඒකේ පාස්වර්ඩ් එක තිබ්බේ 4 දෙනෙක් ළඟ නිසා. මේ දත්ත මකපු පුද්ගලයා එක පුද්ගලයෙක්. මාසෙකට කලින් අස්වීම දීපු කෙනාට ඔච්චර ඩේටා තියෙන එකක ඇක්සස් දුන්නේ කවුද? ඒ මිනිහා මොන මඟුලකටද අස්වීම දීලා යන්න යන කොම්පැනිය කොහෙද? අන්න එතනයි ගේම තියෙන්නේ. ඒ මිනිහා යන්න යන කොම්පැනිය තවත් Yes We Can කියලා මේගොල්ලන්ගේ එන්නේ කැම්පේන් එකක්. සර්ගේ යාලුවෙක්. නියෝජ්‍ය කතානායකතුමාගේ සර් නෙවෙයි. නියෝජ්‍ය කතානායකගේ සර් ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේනනේ. ඒ සර් නෙවෙයි අනිත් සර්. ලොකු සර්. ලොකු සර්ගේ යාලුවෙක්. එයා තමයි මං මේ ළඟදි දැක්කා රෑට ඉන්ජෙක්ෂන් ගහලා හෙට එළිවෙනකොට ලංකාව අලුත් විදියට එළිවෙනවා. ඒ කොම්පැනියට යන්න යන්නේ පොර.

ඔබතුමාලා හිතනවද මේවවා බොරුවට කරපු ඒවා කියලා. මෙයාලා කියනවා කිසිම දත්තයක් පිච්චුනේ නෑ කියලා. ගරු කතානායකතුමනි මෙන්න නීනිපති දෙපාර්තමේන්තුවට මේ වෝහාරික සීඅයිඩී එකෙන් දීපු කටඋත්තරේ. උසාවියට දීපු ලියුම…. ඒ සීඅයිඩීයෙන් කියනවා මේ දත්ත කෙනෙක් මකනවා නම් ඒක හොයාගන්න පුළුවන්. සීයඅඩිය කිව්ව කතාවේ තියෙනවා ඒක හොයන ක්‍රමයත් මකලලු. මම නෙවෙයි මේ කියන්නේ.

අපේ කාලේ නෙවෙයි මේක ඔන්ලයින් ගියේ. අපේ කාලේ මේක ට්‍රයල් පීරියඩ් එකක් ගියේ. මම ඕන වගකීමක් ගන්නවා ජයසුමන මහත්තයෝ. ජනවාරි 2020 තමයි ෆුලි ඔන්ලයින් ගියේ. එතකල් ගියේ ට්‍රයල් එකක්. මම දින පිටින් කියන්නම් හැමදේම… දන්න කෙපර කියන්න. ලැජ්ජයි. මේක තමයි ලොකුම ගේම ඊට වඩඩඩා කියන්න බෑ. අප්පිරියයි වෛරසය අපිට බෝවෙයි කියලා බයයි.

මේක මැකෙන්නේ ජුලි 9 වැනිදා. සීඅයිඩීයට යන්නේ ජුලි 23 වැනිදා. සති 2ක් යනකල් නඩුවක් දාන්නේ නෑ. මෙයාලා කියන්නේ බෙහෙත් ගැනනේ. නෑ නැතිවෙච්ච ටෙන්ඩර් ටික. පීපීඊ කිට්.ෆේස් මාස්ක්. සිරින්ජර් ආදිය ටෙන්ඩර් නම්. ඒ මිනිස්සුන්ට අංකත් නෑ. බිලියන 10ක ඒවා. මේ අහිංසක මිනිස්සු 12000 මැරෙනකොට ෆේස්මාක්ස් එකෙන් ගහගන්න පර ජාතියක් මේ. කොහොමද මේ බම්බු බොරු කියන්නේ. මේ රටට කොවිඩ් වෛරසයෙන් හම්බ කරපුු උන් තමයි ලොකුම වෛරසය”

 

https://youtu.be/UwOjEK2QXM4?t=9

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකය සමග එක් වී රට ගොඩනගන අයුරු ජනපති එක්සත් ජාතීන් අමතා කියයි!

Next Post

ආශ්චර්යයන් නැති බව වයිට් කීවේය… ලැබෙන එන්නතකින් මාත්‍රා දෙකම අරන් ගෙදරට වී සිටින්න…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.