අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියානුවෝ අසරණ වෙති… ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 26ක ජයක්…

by editor
ජූනි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොහෝ පරාජයන් මැද අපේක්ෂිත ජයග්‍රහණයක් ලැබී තිබේ. ශ්‍රී ලංකාව ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා ලකුණු 26ක විශිෂ්ට ජයග්‍රහණයක් මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කළේය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනය ජයග්‍රහණයේ චමත්කාරයෙන් කුල්මත් වනු පෙනුණි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානුවෝ මුලින්ම පන්දු රැකීම තේරූහ.  ප්‍රථමයෙන්   පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතකරණ විලාශය බලාපොරොත්තු සුන් කරවන්නක්  විය.  ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු පිරුණු ක්‍රීඩක වනිදු හසරංග අබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා කළේ නැත. එය ක්‍රීඩා ලොලීන්ගේ අපේක්ෂා තවත් දුරස් කරවීය.

ධනුෂ්ක ගුණතිලකගේ ප්‍රහාරාත්මක ආරම්භය නොවීය. පන්දු 30ක දී ලකුණු 18ක් ලබා සිටිය දී ඔහු දැවී ගියේය.  පැතුම් නිශ්ශංක ලකුණු 14කි. කුසල් මෙන්ඩිස් පන්දු 41ක දී ලකුණු 36ක්, ධනංජය ද සිල්වා පන්දු 41ක දී ලකුණු 34ක්, දසුන් ශානක පන්දු 36ක දී ලකුණු 34ක් යොවුන් ක්‍රීඩක  දුනිත් වෙල්ලාලගේ පන්දු 35ක දී ලකුණු 20ක් ලබා ගත්තේය.  දුනිත් එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් සිය ලකුණු 20ට එක් කළේය.  පන්දු ඕවර 50ක් ශ්‍රී ලංකා පිතිකරුවන් ක්‍රීඩා නොකරන බවට සියලුම ලකුණු පහළ වෙද්දි මහ වැසි ක්‍රීඩාංගනයට ඇද හැලිනි. පන්දු ඕවර 47.4ක් තුළ කඩුළු 09ක් දැවී තිබිය දී අයහපත් කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකා ඉනිම නිමා කළේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සිදුකළේ පැට් කුමින්ස්ය. කුමින්ස් කඩුළු 04ක් බිඳ දැමුවේය. ඒ පන්දු ඕවර 8.4ක් තුළ ලකුණු 35කට ය. මැතිව් කුහ්නෙමන් ලකුණු 45ට කඩුළු 02ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 35ට කඩුළු 2ක් දවා ගත්තේය. මිෂෙල් ස්වෙප්සන් ලකුණු 58ට එක් කඩුල්ලක් ලැබුවේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දුනිත් වෙල්ලාලගේ…

ඩක්වර්ත් ලුවිස් න්‍යයට අනුව ඔස්ට්‍රේලියානුවන්ට පන්දු ඕවර 43ක දී ලකුණු 216ක ඉලක්කයක් ලැබිණි. එහෙත් හඹා යෑම කිසිසේත්ම පහසු නොවන බව පෙන්වමින් ශ්‍රී ලාංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානුවන් සම්බන්ධව ප්‍රබල පීඩනයක් ඇති කළේය.

සියලුම පන්දු යවන්නන් ඔස්ට්‍රේලියානුවන් බැඳ දම්මේය.  විශිෂ්ට වේග පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දු ඕවර 6.1 දී ලකුණු 19ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිඳ හෙළුවේය. චාමික කරුණාරත්න පන්දු ඕවර 7ක් යවා ලකුණු 47කට කඩුළු 03ක් ලැබීය. ධනංජය සිල්වා පන්දු ඕවර 6ක් යවා ලකුණු 26කට කඩුළු 02ක් ලැබීය. යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේත් කදිම පන්දු යැවීමක් සිදුකළේය.  පන්දු ඕවර 5ක් යවා ලකුණු 25කට කඩුළු 02ක් ලැබීය. චාමික කරුණාරත්නගේ විශිෂ්ට පන්දු රැකිමක් හමුවේ ඔස්ට්‍රේලියානු කඩුළු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරී දුවද්දී දැවී යෑමට හසුවිය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 37ක්, ස්ටීවන් ස්මිත් ලකුණු 28ක්, ට්‍රෙවිස් හෙඩ් ලකුණු 23ක් රැස් කළහ.

ඔස්ට්‍රේලියානුවො ලකුණු 189කට සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර 37.1 දීය.  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 26ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්හ.

Share69Tweet43
Previous Post

ඉන්ධන අර්බුදය රෝහල් පද්ධතියේ ඉතිරි ටිකත් බිඳ දමයි… 

Next Post

රටවල් 47කින් චීනයට එරෙහි මානව හිමිකම් පැමිණිල්ලක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.