ඉන්ධන නොමැති වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම නතර වීමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට සිදුකරන ජීවිතාරක්ෂක සැත්කම් පවා ඉදිරියේදී නතර කිරීමට සිදුවීය හැකි බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඖෂධ හා ශල්‍ය උපකරණයන් හිඟවීම හේතුවෙන් සැලසුම්කළ සැත්කම් මාස තුනකට පමණ ඉහත දී සීමා කළ නමුත් ජීවිතාරක්ෂක සැත්කම් අනිවාර්යෙයන්ම සිදුකළ බව එම ප්‍රකාහකයා පැවසුවේය
කෙසේ නමුත් මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්යා මණ්ඩල සාමාජිකයින්ට රෝහල්වෙත ලඟා වීමට නොහැකි වීමෙන් සැත්කම් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි හෙතෙම පැවසීය.
වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානයන් වෙත පැමිණීමේ ක්‍රමවේදයක් ඉක්මනින් ස්ථාපිත නොකළහොත් රෝහල් කටයුතු ඉබේම නතර වනු ඇති බවත් එසේ වුවහොත් මිනිස් ජීවිත අනතුරකට පත්වීම වැලැක්විය නොහැකි වනුඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
ඇතැම් රෝහල්වල සිමිත වෙද්‍යෙවරුන් පිරිසකට නේවාසික පහසුකම් ලබා දී තිබුණද අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රෝහලට පැමිණීමට නොහැකි වීමෙන් සැත්කම් ඇතුළු ප්‍රතිකාර කටයුතු සිදුකිරීම ගැටලුවක් වන බවද සඳහන්වේ.