වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට පූර්ණ සහාය දැක්වීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) එකඟතාවය පළ කර ඇත.
කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඉහළ පෙලේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වූ අවස්ථාවේ මෙම එකඟත්වය පළ කර තිබේ.
ශ්‍රී ලංකා රජය ගෙනයන වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළකර තිබේ.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව ණය ආධාර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරන බව ද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), නියෝජ්‍ය තානාපති සොන්ග්යි ජියොන්ග් (Songyi Jeong), KOICA හි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂවරන් වන යොන්ග්වන් කිම් (Yongwhan Kim) සහ යුන්සූ ජියොන් ( Yunsoo Jeon), DIMO හි සාමාන්‍යාධිකාරී රොෂාන් සේරසිංහ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී.එම්. යූ.එස් බන්නහැක මෙම අවස්ථාවට එක්ව සිටියහ.







