උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම සමස්ත රටම එක ලෙස සංවර්ධනය කරා ගෙන යාමේ පුළුල් දැක්මක් හා වැඩපිළිවෙළක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී එතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව ඊපිඩීපි නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.
යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ යාපනය පිහිටි ඊපීඩීපි පක්ෂයේ ප්‍රධාන කාර්යලයේ දී එම පක්ෂයේ ක්‍රියාකාරින් සමඟ හමුවකට එක් වූ අතර එහිදී ඩග්ලස් දේවානන්දා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර දෙමළ ප්‍රගතිශීලි සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් විසින් මඩකලපුවේ දී සංවිධානය කර තිබු හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) පෙරවරුවේ එක් විය.
රට අනතුරට පත්වු අවස්ථාවේ රටත්, ජනතාවත් බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත් වූ ජනාධිපතිවරයාට රට ඉදිරියේ ඇති අනෙකුත් අභියෝග ජයග්‍රහණය කිරීමේ ශක්තිය ද ඇති බව පෙන්වා දුන් එස්. වියාලේන්ද්‍රන් මෙවර ජනාධිපතිවරණයේ දී එතුමාට පූර්ණ සහාය පළ කරන බව කියා සිටියේය.
මුළු රටම ගිනි ගත් අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවු බවත් ඇතැමුන් අඳුරේම පැන ගිය අතර තවත් පිරිසක් සැඟවී සිටි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වසර දෙකක් වැනි කොටි කාලයක් තුළ රටේ ආර්ථිකය ගොඩගත් ජනාධිපතිවරයා අද නව ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට මෙහෙවමින් සිටින බවද පෙන්වා දුන්නේය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් ගේ නිවසේ ඊයේ (02) සංවිධානය කර තිබූ හමුවකට ද එක් විය.
ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිහු රැසක් ඊට එක්ව සිටී අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවී කටයුතු කරන බවට එහිදී ඔවුහු සහතික වූහ.







