ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන් අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන හා සේවා පහසුකම් සැපයීමට දිස්ත්‍රික් 25 පුරා සෞඛ්‍ය, අධ්‍යාපන හා සේවා පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වසර 05ක ජාතිකවැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය යෝජනා කර තිබේ.
අද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේය. ජනාධිපතිවරයා පැවසුවේ මෙවැන්නකි.
ශ්‍රි ලංකාව තුළ පසුගිය දශකය තුළ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින් තිබෙනවා.
එම අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සදහා අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන සේවා පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වරස 05ක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි.
මූලික පියවරක් ලෙස ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳහා ජාත්‍යාන්තර ප්රමිතීන් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ පිහිටුවීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
තවද ඉදිරි වසර පහ තුළ අවශ්‍ය මානව සම්පත් සහිතව සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවනවා.
එමෙන්ම ඔටිසම් වැනි ස්නායු ආබාධ සහිත ළමුන් සඳහා ලබා දිය යුතු සියල්ල අන්තර්ගත අධ්‍යාපන සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් සහ භාරකරුවන් ඊට අවශ්‍ය හැකියා සහ අවබෝධය නොමැතිකමයි. ඒ අනුව ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා මිලියන 250ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.








