බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔක්තොම්බරයේ  හාමත් නොවී ඉන්න කළ යුත්ත මහාචාර්ය බුද්ධි මාරඹේ සහසුද්දෙන් කියයි…

දැන්අ ප ඉදිරියේ ඇත්තේ හොරෙන් ගෙදර හාල් මුට්ට ගොඩගහල තනියම බේරෙන්න පුලුවන් ගැටලුවක් නොවෙයි.. මහාචාර්යවරයා කියයි....   

by editor
ජූනි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අප ඉදිරියේ ඇත්තේ විසඳාගත හැකි ප්‍රශ්නයක් බවත්,  එළඹීටම නියමිත අර්බුදය ඉදිරියේ බියෙන් දෑත් බැඳන්  නොසිට  තමන්ගේ ආහාරය තමන්ගේ ගෙවත්තෙන් පිළියෙළ කරගැනීමේ වගකීම සියල්ලන් සතුවම ඇති බවත්  පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ මාහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.  ඒ වැඩපිළිවෙළ දියත් නොවුනහොත්  නම්    ඔක්තොම්බර් මාසය වනවිට කෑම ටික හිඟ වීම නිසැක බව මහාචාර්ය වරයා තහවුරු කර ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ අර්බුදය ගෙදර කාමරයක වී තොග රැස්කරගෙන සිට විසඳා ගත හැකි එකක් නොව, මිදුලට බැස මඤ්ඤොක්කා දන්ඩක්   බතල දණ්ඩක් හෝ  සිටුවා   ආහාරයෙන් කොටසක්වත්   තමන්ගේ ගෙවත්තේ සකස්කරගෙන ජාතියයක් ලෙස එක්ව මුහුණ දියයුතු ප්‍රශ්නයක්  බවය.

කවුරුන් මොන ආලවට්ටම් දමා කිව්වත් එළඹීටම නියමිත අර්බුදය තේරුම් ගෙන ඊට ප්‍රායෝගික පිළිතුරක් සොයන්නට එක් වන ලෙස මහාචාර්යවරයා ජාතියෙන් ඉල්ලා සිටියේය.

“දැන් අත් දෙක බැඳගෙන බය වෙලා බලාගෙන හිටියට බඩ පිරෙන්නෙ නෑ…  ඔක්තෝබර් මාසය වන විට යල කන්නයේ අස්වනු රටටම ලැබෙනවා . නමුත් මහ කන්නේ වෙනුවෙන් බිත්තර වී සඳහා අස්වැන්න අයින් කර තබා ගත යුතු නිසා පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වී අස්වැන්නක් රටට ලැබෙන්නේ නෑ. ඒ බව මේ වන විට සක්සුදක් සේ පැහැදිලියි.“

“කවුරු කෙසේ කුමන ආලවට්ටම් යොදා කීවත් ඔක්තෝබර් මාසේ වනවිට රටේ ජනතාවට කන කෑම ටික හිඟ වෙන බව සහතික ඇත්ත.“

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

“මේ වන විට රජය ඩොලර් වියදම් කරමින් සහල් මෙට්‍රික් ටොන්  ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ආනයනය කොට තිබෙනවා.  ඉදිරි ඔක්තෝබරයේ සිට මහ කන්නයේ අස්වනු නෙලන 2023 ප්‍රේල් මාසය දක්වා රටේ ජනතාවට හිඟයකින් තොරව සහල් අවශ්‍යතා සපුරාලීමට නම් තවත් සහල් මෙට්‍රික් මෙට්‍රික් ටොන් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කළ යුතුයි.“

“දැන් මේ රටේ ජනතාව බුද්ධිමත්ව සිහිනුවණින් කල්පනා කළ යුතු කාලයයි.  බලධාරීන් නිළධාරීන් කුමක් කීවත් කළත් තමන්ගේ බඩ පුරවා ගැනීමේ අභියෝගය තමන් ඉදිරියටම මේ මොහොතේ පැමිණ තිබෙන බව අවබෝධ කරගන්න.“

“සහල් ආනයනය සඳහා ඩොලර් වියදම් කරමින් ලෝකයට ණය වෙනවට වඩා කම්මැලි නැතුව මොනවා හෝ වවන්න අදම පටන් ගන්න.“

“වවන  දෙය අල බතල මඤ්ඤොක්කා වෙන්න පුළුවන් නිවිති තම්පලා සාරණ මුං කව්පි වෙන්න පුළුවන්. තමන්ගේ නිවසේ ආහාර වේල තමන්ගේ මහන්සියෙන් ම උපයා ගන්නට මේ රටේ ජනතාව වෙහෙසෙනවා නම් ඔක්තෝබරයේ සිට බඩගින්නෙ ඉන්න වෙන්නේ නෑ. “

“කුමන තරාතිරමක කුමන මට්ටමක අප ජීවත් වුවත් අපගේ ආහාර වේල හැකි පමණ අප විසින්ම සොයා ගන්නා තැනට අද සිට පත් වන්න.  එවිට ඔබට කුසගින්නට බියවී සිටීමේ තත්ත්වය පහවී යාවී.  ඔබ නිකරුනේ ගෙවන කාලය ඵලදායි වගාවකට යොදවන්න මේ ඊට සුදුසුම කාලය යි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන පෝලිමක මැරී වැටුණු 11 වැනි අසරණයාත් වාර්තා වෙයි..

Next Post

ලොව වටා පරිත්‍යාගශීලීන් ලබා දෙන වෛද්‍ය උපකරණ හා ඖෂධ නොමිලේ ගේන්නට ශ්‍රී ලංකන් තීරණය කරයි… 

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.