ඉන්ධන පොලිමක මැරී වැටුණු 11 වැනි අසරණයා ගැන අද වාර්තා විය.
හොරණ අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරවුම්හල අසල පෝලිමේ සිටි 63 හැවිරිදි ටිපර් රථ රියදුරෙක් මෙසේ මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටී වීරප්පුලි සුනිල් නැමැති අයෙකි.
ඉන්ධනහල අසල පුරා දින 07ක් තිස්සේ ඩීසල් පෝලිමක් තිබී ඇත. මෙම ටිපර් රථ රියදුරා ඉන්ධන පිරවුම්හලේ ඩීසල් ලබා ගැනීම සඳහා දින 5 ක් රැඳී සිට තිබේ.
ඔහු ටිපර් රථය තුළදී මියගොස් සිටිනු දැක ඇති පුද්ගලයෙකු පොලීසිය දැනුවත් කර ඇත.







