මේ වන විට අප රටේ රෝහල් පද්ධතිය තුළ ඇතිව තිබෙන උග්‍ර ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන් ලබා දෙන ඖෂධ හා වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව මෙරට රෝහල් වෙත රැගෙන ඒමට ශ්‍රි ලංකන් ගවන් සේවය තීරණය කර ඇත.
එක්සත් රාජධානිය, ප්‍රංශය , මැලේසියාව ඉන්දුනිසියාව, හා නේපාලය ඇතුළු රටවල සිටින පරිත්‍යාගශීලීන් ලබා දෙන වෛද්‍ය සැපයුම් ගුවන් මගින් මෙසේ රෝහල් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.