බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඒක පට්ට තරගයක්… ඒත් බලන්න මිනිස්සු නෑ… ප්‍රේක්ෂාගාරය හිස්!

by editor
අගෝස්තු 2, 2024 - Updated on අගෝස්තු 3, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

මෑත ඉතිහාසයේ කලාතුරකින් දක්නට ලැබුණු තරගයක් බව ලියා තබමු.

ඒත් ඒ තියුණු තරගය දකින්නට ප්‍රේක්ෂකයින් නැත. ක්‍රීඩාගාර හිස්ය. ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගයක් බැලීමට අතුරු සිදුරු නැතිව පිරෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ හිස් වූ ක්‍රීඩාගාර කීවේ ක්‍රිකට් අපෙන් ගිලිහී යෑමට ආසන්න බවය.

ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සු ජයග්‍රහණයම ප්‍රාර්ථනා කළත් සෑම තරගයක්ම ජයග්‍රහණය කළයුතු බව කවදාවත් පවසා නැත. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ තියුණු තරගයකි. ජයග්‍රහණය නොමැති නම් ගෞරවණීය පරාජයකි. තාර්කික පරාජයකි. තර්කයකින් තොර පරාජය නැවත නැවත එකම ආකාරයකට සිදුවන්නේ නම් ඒ නීරස අත්දැකීමෙන් උපදින වේදනාව සල්ලිත් දී විඳන්නට යන්නේ නැත. විස්සයි විස්ස තරගාවලිය කුජීත ලෙස පරාදය. ඉන්දියාව සමග පැවති අවසන් එක්දින තරග දෙකින් ලෝක කුසලාන තරගාවලියේ දී ලකුණු 55කට මුළු කණ්ඩායමම දැවී  ගියේය. ආසියානු කුසලාන තරගාවලියේ මේ ක්‍රීඩාංගනයේ දී ම ලකුණු 50කට මුලු කණ්ඩායමම දැවී ගියේය. අද හිස් වූ ක්‍රීඩාගාර ප්‍රකාශ කළේ ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ වේදනාවේ ප්‍රකාශනය බව විශ්වාස කරමු.

එහෙත් අද කතාව වෙනස් වූයේය. මුළුමනින්ම වෙනස් වූයේය. ඒ වෙනස අපේ ප්‍රේක්ෂකයින් සේම ඉන්දියාවත් කිසිසේත් බලාපොරොත්තු නොවුන එකකි. අප ප්‍රාර්ථනා කරන සුපිරි සටන්කාමී ක්‍රිකට් විලාශය අද යළිත් ප්‍රකට වූයේය.



ඉන්දියා – ශ්‍රි ලංකා පළමු එක්දින තරගයේ ලකුණු සමය. ජය පරාජයෙන් තොරය. ඒත් ජය පරාජයෙන් තොර තියුණු තරගය ජයග්‍රහණයකටත් වඩා වටිනා බව ලියා තැබිය යුතුය.

මක්නිසාද යත් ඉන්දියාව අද සිය ඉහළම ජවය සහිතව ක්‍රීඩා කරන්නේ ක්‍රිකට් ඉතිහාසයේ රටකට එරෙහිව ලබාගන්නා අන්තර්ජාතික එක් දින තරග සියය සටහන් කරමින් ලෝක වාර්තාවක් තියන්නටය. ඒ වෙනුවෙන් විස්සයි 20 සංචිතයේ නොසිටි නායක රෝහිත් ෂර්මා ආවේය. විරාට් කෝලි ආවේය. කුල්දීප් යාදේව් ආවේය. අඩුපාඩුව ජස්පිට් බුම්රා සහ හර්දික් පාණ්ඩ්‍යාය.

ඇත්තටම තරගය ආරම්භ වූ ආකාරයත් ප්‍රබල ප්‍රහාරක බලයක් සහිත ඉන්දියාවට එරෙහිව තරගය නිමා කළ ආකාරයත් පරාජයෙන් මෙපිට යමක් මෙවරත් නැති බව අපට හිතන්නට සැලැස්සුවේය. කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණඩායම පන්දුවට පහරදීම තේරුවේය. නවක වේග පන්දු යවන ක්‍රිඩක මොහොමඩ් ශිරාස් කණ්ඩායමට කැඳවා තිබිණි. ඒ මුල් පෙළ වේග පන්දු යවන්නන් සිවු දෙනාම ආබාධවලට ලක්ව සංචිතයෙන් ඉවත් වී ඉන්නා පසුබිමේ දී ය.

පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල වැටෙන්නේ ලකුණු 07 දී ය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 7කට මුහුණ දී එක් ලකුණකට දැවී ගියේය. මුල්ම කඩුල්ල බිඳෙන්නේ ලකුණු 7 දී ය. කුසල් මෙන්ඩිස් ලකුණු 14කට දැවී යනවිට මුලු ලකුණු ගණන 46කි. හොඳම මැද පෙළ පිතිකරු බව කී සධීර සමරවික්‍රම ලකුණු 08කි. නායක චරිත් අසලංක ලකුණු 14කි. පන්දු ඕවර 23.5ක් වනවිට කඩුලු 04ක් දැවී ලබාගෙන තිබුණේ ලකුණු 91කි.

එකම සහනයකට තිබුණේ එක් අන්තයකින් පෙරහර යන විට සුපුරුදු ලෙසම පැතුම් නිශ්ශංක අනෙක් අන්තය දරාගෙන සිටීමය. පැතුම් පන්දු 75ක් තුළ හතරේ පහර 09ක් සමග ලකුණු 56ක් රැස් කළේය. පැතුම් ලකුණු 56ක් ගෙන 5 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට කණ්ඩායමම රැස් කරගෙන තිබුණේ ලකුණු 101කි.

පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150ක් හෝ ලබා ගනු ඇති දැයි තරගය නරඹන අපට සිතිනි. එහෙත් මෑත ඉතිහාසය පුරා විනාශ වී ගිය මැද පෙළ සහ අග පිතිකරුවන් විසින් සුන් කළ ඉනිම යළි ගොඩ ගත්තේය.

පැතුම් නිශ්ශංකගෙන් පසු පිටියට එන දුනිත් වෙල්ලාලගේ ඒ වනවිට පන්දුවට පහර දෙමින් සිටි ජනිත් ලියනගේ සමග එක්ව මැද පෙළ පළමු ස්ථාවර සබඳතාවය ගොඩනැගුවේය. ඔවුන් අතර ඇති වුන සබඳතාවය ලකුණු 41 කි. ජනිත් ලියනගේ 6 වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් අනතුරුව වගකීම සිය කරමතට ගත් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක් අන්තයක් රැකගෙන වගකීම් සහිත විශිෂ්ට පිතිකරණයක නිරත වූයේය. එය මැද පෙළ පිතිකරුවෙකුගේ ගැඹුරු වෘත්තීමය ක්‍රීඩා විලාශය සම්බන්ධ ආකෘතියක් බඳු ඉනිමක් බව ලියා තබමු.

ඔහු වනිඳු හසරංග සමග ලකුණු 38ක සබඳතාවයක්, අකිල ධනංජය සමග ලකුණු 46ක සබඳතාවයක් ගොඩනගමින් පන්දු 65ක් තුළ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 67ක් ලැබුවේය.

මැද පෙළ සහ පසුපෙළ ක්‍රීඩකයෝ පිතිකරුවන් අත්හල වගකීම සිය උර මතට ගත්හ. ජනිත් ලියනගේ එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් සමග පන්දු 26ක දී ලකුණු 20කි. වනිඳු හසරංග හයේ පහර 02ක් සහ හතරේ පහරක් සමග පන්දු 35ක දී ලකුණු 24කි.

ඔහු සෑහෙන කාලයකින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සතු පිතිකරණ වගකීම යම් ප්‍රමාණයකට ඉටු කළේය. අංක 09 ලෙස පැමිණි අඛිල ධනංජය පන්දු 21ක දී හතරේ පහර 02ක් සමග ලකුණු 17ක් රැස් කළේය.

පන්දු ඕවර 50 අවසන්වන විට ලකුණු 230කි. පන්දුව හොඳින් කැපෙන බව පෙනුණි. ඉපිලෙන ආකාරය දැක ගත හැකි විය. අක්සාර් පටෙල් ලකුණු 33කට කඩුළු 02ක්, අර්ෂ්දීප් සිං ලකුණු 47ට කඩුළු දෙකක් මොහොමඩ් සිරාජ්, ෂිවම් ඩුබේ, කුල්දීප් යාදේව්, වොෂින්ටන් සුන්දර් එක කඩුල්ල බැගින් ලැබූහ

පැතුම්

.එහෙත් ඉන්දියාවේ පිතිකරණ බලය දෙස බලනවිට ලකුණු 230ක ඉලක්කය ඔවුන් පහසුවෙන් පසු කරනු ඇතැයි නැවතත් අපි කල්පනා කළෙමු. නායක රෝහිත් ෂර්මා සහ ෂුබ්මන් ගිල් දියත් කරනු ලැබුවේ ප්‍රේක්ෂකයින්ගේ තක්සේරුව නිවැරදියැයි සිතන පිති ප්‍රහාරයකි. රෝහිත් ෂර්මා පන්දු 47ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 03ක් සමගින් පන්දු 47ක දී ලකුණු 58කි. ශුබ්මන් ගිල් ඔහු සමග අවබෝධාත්මක පිතිකරණයක නිරත විය. ඔහු රෝහිත්ට අවස්ථාව ලබා දෙමින් කඩුල්ලේ හිඳිමින් ලකුණු 16ක් රැස් කළේය. මුල් කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් දැවී යනවිට ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 12.4ක දී ලකුණු 75කි.

ඉන් ලකුණු 05කින් පසු රෝහිත් ෂර්මා ලකුණු 58කට දැවී ගියේය. විශේෂත්වය වන්නේ ආරම්භක කඩුළු 02කම ලබා ගන්නේ විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් කණ්ඩායම ඔසවා තැබූ දුනිත් වෙල්ලාලගේ වීමය.

ඉන් අනතුරුව වොෂින්ටන් සුන්දර් ලකුණු 05කට දැවී ගියේය. කඩුල්ල අකිල ධනංජයට ය. විරාට් කෝලි ලකුනු 24කට වනිඳු හසරංග ඉදිරියේ දැවී යද්දීත් කඩුළු 4කට ලකුණු 130කි. යවා තිබුණේ පන්දු ඕවර 23.1ක් පමණි..

පන්දු ඕනෑ තරම් ඇත. ලකුණු 101ක් ලබා ගැනීමට පන්දු 143ක් තිබේ. කඩුළු 06ක් ද ඉතිරිව ඇත. නිදහසේ පන්දුවට එක ලකුණ බැගින් ගත්තත් පන්දු 43ක් ඉතිරිව තිබිය දී තරගය අවසන්ය. එවැනි සංයමයකින් යුතුව පන්දුවට පහර දිය හැකි කේ.එල්. රාහුල්, වොෂින්ටන් සුන්දර්, ශ්‍රෙයාස් අයියර්, අක්සාර් පටෙල්, ශිවම් ඩුබේ වෙති.

එහෙත් සිදුවූයේ සපුරා වෙනස් කතාවකි. අත්දැකීමෙන් අපට හිතෙන දේ පමණක් නොව,  අන්තර්ජාතික ක්‍රිකට් විචාරකයින්ගේ ඇගැයීම් ද කණපිට හැරිනි. පන්දු 23ක දී ලකුණු 23ක් ලබාගෙන ස්ථාවර ක්‍රීඩා විලාශයක් පෙන්වමින් සිටි ශ්‍රෙයාස් අයියර් අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල කුඩු කරගත්තේය. දැන් ලකුණු 132කට කඩුළු 05කි.

එතැන් සිට අක්සාර් පටෙල් සහ කේ.එල් රාහුල් ඉනිම කෙමෙන් ගොඩනගන්නට වූහ. අක්සාර් පටෙල් දඟ පන්දු යවන්න ඉදිරියේ දැඩි ලෙස පරාජය වනු දක්නට ලැබිණි. ලකුණු 11 දී අකිල ධනංජය යැවූ පන්දුවකට පළමු ස්ලිප් හි සිටි නායක චරිත් අසලංක ඔහුගේ උඩ පන්දුවක් අත හැරියේය. ඉතා සීරුවෙන් පටෙල් ලකුණු 33ක් ද කේ.එල්. රාහුල් ලකුණු 31ක් ද රැස් කළහ. ලකුණු 57ක සම්බන්ධයක් ගොඩ නැගුණු 6 වැනි කඩුල්ල ලෙස රාහුල් වනිඳු හසරංගට ගොදුරුවන විට ඉන්දියානු කණ්ඩායම ලකුණු 189කි. ජයග්‍රහණයට ලකුණු 42ක දුරකි. පන්දු 62ක් ඉතිරිව ඇත.

මේ වනවිට නායක චරිත් අසලංක පන්දු යවමින් ඉන්දීය ක්‍රීඩකයින් දැඩි පීඩනයකට ලක් කර තිබුණේය. අක්සාර් පටෙල් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යන්නේ චරිත් අසලංකගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දීමෙනි. ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 197කි.

දැන් ලකුනු 34ක ජයග්‍රාහී ඉලක්කය වෙත යෑමට පන්දු 55ක් තිබේ.

එහෙත් වනිඳු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඉන් අනතුරුව පිටියට පැමිණි අංක 09 පිතිකරු කුල්දීප් යාදේව් ලකුණු 2කට දැවී ගියේය. ඉන්දියාවට ඒ වනවිට පැහැදිලි පීඩනයක් එල්ල වෙමින් තිබිණි. කුල්දීප් යාදේව් අට වන කඩුල්ල ලෙස දැවී යන්නේ ලකුණු 211 දී ය. ජයග්‍රහණය සඳහා ලකුණු 20ක් ලබා ගත යුතුය. පන්දු 33ක් ඉතිරිව ඇත.

ඒ වනවිට ශිවම් ඩුබේ ස්ථාවර වෙමින් එක් අන්තයක් රැකගෙන පන්දු 24ක් තුළ ලකුණු 25ක් රැස් කර ගනිමිනි. ඔහු මොහොමඩ් ශිරාජ් සමග අවසාන කඩඉමට කණ්ඩායම රැගෙන ආවේය. 48 වැනි ඕවරය යවමින් සිටියේ චරිත් අසලංකය. 48 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දී ඉන්දියානු කණ්ඩායම ලකුණු සම කළේය.

දැන් කඩුළු 02ක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු 1ක් පමණක් ලබා ගත යුතුව තිබිණි. ඒ සඳහා පන්දු 15ක් ද ඉතිරිව තිබේ. අවශ්‍ය වී තිබුණේ දැවැන්ත පහරවල් නොවේ. කකුලේ වද්දාගෙන හෝ එක් ලකුණක් ලබා ගැනීමය.

එහෙත් පන්දුව පිත්තේ වද්දාගෙන ලකුණක් සොයා ගන්නවා වෙනුවට ශිවම් ඩුබේ හඳට ගහන්නට ගියේය. චරිත් අසලංක හමුවේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. අවසාන පිතිකරු අර්ෂදීප් සිං ය. එවැනිම පහරක් එල්ල කිරීමට ගිය අර්ෂදීප් සිං ඊලඟ පන්දුවේ දීම චරිත් අසලංකට ගොදුරු විය. ඒ කඩුල්ල මුවා කිරීමේ වරදට ය. පන්දු 13ක් ඉතිරිව තිබිය දී ඉන්දීය කණ්ඩායම මුලුමනින්ම දවාගෙන ශ්‍රි ලංකා කණ්ඩායම තරගය ජය පරාජයකින් තොරව නිමා කළේය.

එය ක්‍රීඩාවේ තියුණු ජවය උද්දීපනය කළ මෑත කාලයේ පැවති හොඳම තරගය බව කිව යුතුව තිබේ. පා වෙමින් සිටි ඉන්දියාව මහ පොලොවට ගෙනැවිත් දෙපයින් හිටවූ තරගය බව ලියා තැබිය යුතුව තිබේ.

අද පන්දු යැවීමේ දී විශිෂ්ටම වෙනස කළ ක්‍රීඩකයා චරිත් අසලංකය. ඔහු සිය තරග හැටක අන්තර්ජාතික එක්දින තරග ජීවිතයේ ලබාගෙන තිබුණේ කඩුළු 08ක් පමණි. ඉන් කඩුළු 03ක් ලබා ගත්තේ අදය. ඔහු ලකුණු 30ට කඩුළු 03කි. වනිඳු හසරංග දැඩි ප්‍රහාරයකට ලක් වුනද කඩුළු 03ක් ලැබුවේය. ඔහුගේ පන්දු ඕවර 10ට ලකුණු 58ක් ලබා දී තිබිණි.

දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 09ක් යවා ලකුණු 39ට කඩුළු 02කි. අඛිල ධනංජය සහ අසිත ප්‍රනාන්දු කඩුල්ල බැගිනි.

සිය ජාත්‍යාන්තර එක් දින තරග ජීවිත ආරම්භ කළ මොහොමඩ් ශිරාස් යැව්වේ පන්දු ඕවර 04ක් පමණි. ලකුණු 25ක් ලබා දුන්නේය. සිය මංගල තරගයේ ඔහු මතක හිටින යමක් කළේ නැත.

නොතිබූ ජයග්‍රහණයක් වෙත කණ්ඩායම රැගෙන ගිය දුනිත් වෙල්ලාගේ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ය. අප එක්දින තරගාවලිය ආරම්භ කරන්නේ අඳුරු අගාධයක සිට යළි නැගී සිටිමිනි. දැන් රට ප්‍රාර්ථනා කරන්නේ මේ ආත්ම විශ්වාසය සහ  ශක්තිය ඒකතානමයකින් පවත්වාගෙන යෑමය.

එය කළ නොහැකි දෙයක් නොවන බව නම් පැහැදිලිය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොඩි හාමුදුරුවෝ….

Next Post

ශාන්ත අන්තෝනි බාලිකා – මහනුවර මහා මායා අතර පැවති කුමරියන්ගේ නිල් මහා සටනේ ජය ශාන්ත අන්තෝනි බාලිකාවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.