බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පොඩි හාමුදුරුවෝ….

by editor
අගෝස්තු 2, 2024
in ජීවිතය
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

පොඩි හාමුදුරුවෝ අපවත් වූහ. ඒ ආරංචිය යම් තිගැස්මක් ඇති කළ බව ලියා තබමු. බස්නාහිර පළාත් සංඝ නායක හිමියන් ලෙස සම්මානිතව අසු විය ඉක්මවා රටේ සියලුම ප්‍රභූ නාකයින්ගේ ආකර්ශනය සහිව වැඩ හිඳ අපවත් වූ නමුත් උන් වහන්සේ ගලබොඩ ඥානිස්සර හිමි ලෙස මතු නොවී ” ගංගාරාමයේ පොඩි හාමුදුරවන්” ලෙස සමාජය තහවුරු කරන්නේ ගැඹුරු සංකේතාර්ථයකි.

කොළඹ අරභයා ලියැවෙන බෞද්ධ ඉතිහාස කතාවේ ප්‍රමුඛ නිශ්ඡිත පරිච්චේදයක් තුළ රූපණය කරන යෝධ පෞරුෂවත් මනුෂ්‍යයාගේ භූමිකාව පොඩි හාමුදුරුවන්ගෙන් සංකේතවත් වී තිබිණි.

පොඩි හාමුදුරුවන් විවාදාපන්න චරිතයකි. උන්වහන්සේ ගේ සංඝ ශෝභන ගුණයක් නොවූ බවට විවේචන තිබේ. එය විය හැක්කකි.

කෝටියක් සංවර ශීලය රක්ෂා කරගෙන මහා තපෝ ගුණයකින් යුත් අපිස් දිවියක් ගතකරමින් සංසාර ගමනින් එතෙරවීමේ අභිමතාර්ථ සහිත පරමාදර්ශී භික්ෂු චරිතයක් කොම්පඤ්ඤවීදියේ සිට බේරේ වැව තෙක් විහිදී ගිය සියලුම සමාජ අපරාධවල සරු බිමක් ලෙසින් වැඩී වර්ධනය වෙමින් තිබුණු මොනම ආගමකවත් සාරධර්ම නොපතල මිනිසුන් සහිත භූමියක වැඩ වාසය උන්වහන්සේගෙන් පෙනුනේ නැත. කොළඹ උන්වහන්සේ නැගී සිටියේ සැබෑම ජනතා නායකයෙක් ලෙසිනි. සියලුම ආගමිකයින්ගේ පොඩි හාමුරුවන් වූයේ ඒ නායකයා ය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මරණය සමග ගැටෙමින් මහා දුර්භෝග විඳගෙන මිනිසුන් අත්හැර නොයමින් ස්වකීය ජීවිතයත් පූජා කළ ජනතා ආණ්ඩු වැනි භික්ෂු නායකයෝ අප දන්නා මෑත අතීතයෙත් වූහ. උන්වහන්සේලා බණ භාවනා කරගෙන පන්සල්වලට වී සිටියානම් අපේ මෑත ඉතිහාසයත් මේ තරම් සුමට එකක් නොවන බව ලියා තබමි. දිඹුලාගල නායක හිමියන් එවැනි ජනතා නායකයෙකි. එල්.ටී.ටී.ඊ ය සමග පැවති සිවිල් යුද්ධය සමයේ දී නැගෙනහිර සීමාවේ එක් අන්තයක බෞද්ධ උරුමය සහ සමස්ථ පොදු ජනතාවගේ හිමිකම රැකුණේ දිඹුලාගල නායක හාමුදුරුවන්ගේ නායකත්වය වටාය. ඔබවහන්සේ පන්සිල් ගත්තාදැයි එවකට එකෙක් ඇසුවේ නැත. ඒ භූමිකාව සමාජ ජීවිතයේ මහා වගකීම් සහිත එකක් විය.

තන්තිරිමලේ නායක හාමුදුරුවන් ද එසේය. උන්වහන්සේත් ඝාතනය වූහ. බෞද්ධ උරුමය මෙන්ම උතුරුමැද මායිමේ ජන ජීවිතයේ ගෞරවය කලෙක ආරක්ෂා කළ යෝධ චරිතය තන්තිරිමලේ නායක හාමුදුරුවන් වූ බව මතකය. ඔබවහන්සේ භාවනා කරන්නේ නැද්දැයි අප ඇසුවේ නැත.

සේරුවාවිල නායක හාමුදුරවන් වැඩ සිටියේ එල්ටීටීඊ ක්‍රියාකාරී භූමිය මැද හුදකලාවය. සේරුවාවිල පන්සලත් සේරුවාවිල ගමේ මිනිස්සුත් ඒ තරම් රුදුරු එල්ටීටීඊ කරදර මැද සිය ගම් බිම් අත් නොහැර රැඳී හිටියේ සේරුවාවිල නාකය හාමුරුවන් වටාය. විශේෂත්වය වන්නේ එල්ටීටීඊ සංවිධානය උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේට වෙඩි තබා ඝාතනය කළත් උන්වහන්සේට අතක් තැබීමට ඉදිරිපත් නොවීමය. සේරුවාවිල නායක හාමුදුරුවන්ගෙන් කාමය වරදවා හැසිරුනාදැයි කිසිවෙක් විමසුවේ නැත.

බුද්ධංගල නායක හාමුරුවන්ද වැඩ වාසය කලේ එල්ටීටීඊ ය විසින් අමු සොහොන් බවට පත්කළ අම්පාර ගම්මානවලට එපිට බුද්ධංගල අභය භූමිය මායිමේය. උන්වහන්සේ බුද්ධංගල බ්‍රිගේඩිර් ලෙස හඳුන්වන්නට ගැමියන් පෙළඹුනේ අපහසායකට නොවේ. උන්වහන්සේ සතු යෝධ පෞරුෂය නිර්භීතකම සහ විනය හේතුවෙනි. විකාල භෝජනය ගැන බුද්ධංගල නායක හාමුරුවන්ගෙන් අප ඇසුවේ නැත. උන්වහන්සේලා බෞද්ධ භික්ෂූත්වය සහිත මහා ජනතා නායකයෝ වූහ. උන්වහන්සේලාගේ භූමිකාව ප්‍රාදේශි ආණ්ඩු කළමනාකරණය කිරීමක් තරමට ප්‍රබල වූයේය.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් අයත් වන්නේ අන්න ඒ භික්ෂු කුලකයට බව ලියා තබන්නේ ගෞරවයෙනි. උන්වහන්සේගේ ඉනේ ගසාගෙන තිබුණ පිස්තෝලයක් ගැන එවකට මාධ්‍ය පතුරු ගැහුවා මතකය. ඒ ඝෝෂාව කළවුන් අතර අපත් වූ බව කිව යුතුය. පිස්තෝලයක් ඉනේ තිබුනා නම් ඒ කුමක් නිසා ද, එවැනි ආයුධයක් භාවිතා ප්‍රදර්ශනය කරන්නට උන්වහන්සේට සිද්ධ වන්නේ ඇයි දැයි එදා අප කිසිවෙක් ප්‍රශ්න කළේ නැත. විනයක් ශික්ෂණයක් සහිත මොනම ආගමකවත් සාර ධර්ම අනුගමනය නොකළ, වෘත්තියෙන් අපරාධ කිරීම තෝරාගත්. බෞද්ධ නොවීම නිසා වෛරී හැඟීම් ඇති කරගනු ලැබූ “දායක පිරිසක්” අතර ජීවත්වීමේ දී චීවරයෙන් වැසි ගිය ඇත්ත ස්වරූපය සංකේතවත් කර තිබුණේ ඒ පිස්තෝලය බව දැන් සිතේ.

ගලබොඩ ඥානිස්සර හිමියන් කවුද?

කොඹළට එන ඕනෑම දෙස් විදෙස් ප්‍රභූ වරයෙක් බෞද්ධ සිද්ධස්ථානයකට කියා වන්දනාවට නැතිනම් දැක ගැනීමට එන කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නායක හිමියන් සහ විහාරාධිපති හිමියන් ගලබොඩ ඥානිස්සර හිමියන් ය.

වර්ස 2003 දී මල්වතු පාර්ශ්වයෙන් උන්වහන්සේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ලෙස පත් පත් කළහ. අනතුරුව අස්ගිරි පාර්ශ්වයෙන් උන්වහන්සේට ආචාර්ය උපාධියකට සමාන “දර්ශන විශාරද” සම්මානය පිදූහ. එදා සිට අපවත්වන තුරු උන්වහන්සේ එම ධූරය හෙබවූහ. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල සංඝනායක ද වූයේ ඥානිස්සර හිමියන් ය. නමුත් පසුව උන්වහන්සේ එම තනතුර අත්හළහ.

ගල්බොඩ ඤාණිස්සර හිමි උපන්නේ 1943 දී ය. ගම මාතර ගල්බොඩය. වයස අවුරුදු අටේදී පැවිදි වන ඥානිස්සර හිමියන් පැවිදි දිවියට පිවිසෙන්නේ කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේම ය. ඒ වර්ෂ 1951 දී ය. උන්වහන්සේ පොඩි හාමුදුරුවන් ලෙස හැඳින්වීමේ අතීතය ඒ තරම් දුරය.

එවකට ගංගාරාමයේ විහාරාධිපතිව වැඩ විසූයේ දෙවුන්දර වාචිස්සර හිමිය. පොඩි හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් එතුමෝ ය. එහෙත් වර්ෂ 1959 වන විට දෙවුන්දර වච්චිස්සර හිමියන් රෝගාතුර වී දෙනෙත්හි පෙනීම නැති වී ගියේය. මේ තත්ත්වය තුළ වච්චිස්සර හිමි වැඩ වාසය කරද්දීම විහාර පරිපාලන කටයුතු පොඩි හාමුදුරුවන්ට පැවරුනේය. එවකට උන් වහන්සේ ගේ වයස අවුරුදු 16කි. ඒ පරිපාලන කටයුත්ත උන්වහන්සේ පුරා දශක පහකට වැඩි කාලයක් සිදුකළහ. ඒ ආණ්ඩුවකින් සිදුවිය යුතු දැවැන්ත ප්‍රජා සේවයක් ද සමගිනි.

සමාජ සේවය

උන්වහන්සේ විදේශ ආධාර සහිතව ප්‍රජා සේවා ව්‍යාපෘති කිහිපයක් රැසක් ආරම්භ කළහ. අන්ර්ජාතිකව  විශ්වාසය තහවුරු කරමින්  උන්වහන්සේ ඇරඹූ ප්‍රජා සේවා මූලික වශයෙන් වෘත්තීය අධ්‍යාපනය, ළමුන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා සනීපාරක්ෂාව සහ පිරිසිදුකම, නිවාස නොමැති නිවාස, යන ක්ෂේත්‍ර ආවරණය කළේය.

වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගංගාරාම ජිනරතන කාර්මික විද්‍යාලය නොමිලේ වෘත්තීය පුහුණුව දෙන කාර්මික විද්‍යාලයක් උන්වහන්සේ විසින් බිහි කළහ. දිනකට 7,000 කට අධික පිරිසක් පන්ති සඳහා සහභාගී වන එම කාර්මික විද්‍යාලයේ තාක්ෂණික පාඨමාලා 50 කට වැඩි ප්‍රමාණයක් සඳහා පුහුණුව ලබා දුන්නේය.

ගංගාරාම විහාරස්ථානය මගින් කතරගම පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාසය ආරම්භ කළේ ගල්බොඩ ඥානිස්සර හිමියන් විසිනි. වැඩිහිටි නිවාසය මූලික වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ ඔවුන්ගේ පවුල් විසින් අතහැර දමා ඇති හෝ පවුලක් නොමැති වැඩිහිටි පුද්ගලයින් සඳහා නවාතැනක් වශයෙනි.

එමෙන්ම උන්වහන්සේ කතරගම සහ කෝට්ටේ ළමා නිවාස ආරම්භ කළහ. සියලුම ආගම්වල දරුවන්ට විවෘතව ඇති නිවාස දෙමාපියන් විසින් අතහැර දැමූ දරුවන්ට ගෙදරක රැකවරණය සපයන නිවාස වූයේය, පාසල් අධ්‍යාපනය සහ දරුවාගේ ගොඩනැගීම මේ නිවාස තුළ සිදුවන්නේය. බුද්ධිමය ආබාධ ශාරීරික ආබාධ සහිත දරුවන් වෙනුවෙන් උන්වහන්සේ විසින් ගොඩනැගූ තවත් එවැනිම නවාතැනක් වේ.

ඇසළ පෙරහරට සමාන මහා සංස්කෘතික මංගල්ලයක් බඳු පෙරහරක් දෙස් විදෙස් ආකර්ශනය සහිතව නවම් මාසයේ දී කොළඹ වීදි පුරා සංචාරය කරවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව පිළිගත යුතුය. උන්වහන්සේ සියලුම ජාතීන්ගේ ආගමිකයින්ගේ ආශීර්වාදය මැද ඒ මහා පෙරහර මංගල්ලය ආරම්භ කරමින් පවත්වාගෙන ගියහ. ඒ පෙළහරක් බඳු කටයුත්ත වුවද උන්වහන්සේ ගේ සංවිධාන ශක්තිය මෙන්ම නායකත්ව ප්‍රභාව දැක්වීමට ප්‍රමාණවත් ය. රට කරවන නායක ප්‍රජාව උන්වහන්සේ දකින්නට ගියේ ඒ විසල් සමාජ බලය නිසාය.

නවම් පෙරහර

තවත් දෙයක් කිව යුතුය. බෞද්ධ ආගමික වාස්තු කලාව බෞද්ධ ජීව ගුණය නොනසා ගලපාගෙන නව සම්ප්‍රදායක් බිහිකරන්නේ කෙසේ ද යන්න ගංගාරාමය වැඩි දියුනු කිරීමෙන් උන්වහන්සේ පෙන්වා දුන්හ. එහෙත් එහි හරය කුමක්දැයි වටහා නොගෙන රුවන්වැලි සෑයත්, අභයගිරියත් ගංගාරාමයක් කරන්න ගිය අවිචාරවත් භික්ෂූහු උන්හ. ඔවුන් පොඩි හාමුදුරුවන් ගංගාරාමයේ කළ දාර්ශනික කලාව හඳුනා ගත්තේ නැත.

එක් දවසක් පුවත්පතේ කටයුත්තක් වෙනුවෙන් ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා හමුවීමට සිදුවිය. ඒ වකවානුවේ අප තුළ පැවතියේ පොඩි හාමුදුරුවන් පිළිබඳව යහපත් ආකල්පයක් නොවේ. ඒ  පිළිබඳ ඇතිවූ කතා බහ අතර තුර ඔහු කී කතාවක් තවමත් මතකය.

” පොඩි හාමුදුරුවො ගැන එහෙම හිතන්න එපා… එයා මහා විශාල නායකයෙක්.  මේ කොළඹ පාරවල්වල නවම් පෙරහර කරවන එකම ඇති.  ඒක හිතාගන්න බැරි සංවිධාන ශක්තියක්… ඔය පෙරහර මාවතේ, දැන් සීමාමාලකය තියන පැත්තේ ඉස්සර හවස  තුන හතරටවත් මනුස්සයෙකුට පාරෙ බැහැලා යන්න බෑ. දැලි පිහිය බෙල්ලට තියලා පර්ස් එක අරන් යනවා මහ දවල්.  දැන් රෑ හතට අටට ඔය  පාර දිගේ ජිනරතනේ ඉගෙන ගන්න තරුණ ගෑණු ළමයිනුත් යනවා…  පොඩි හාමුදුරුවො කොළඹ නොපෙනෙන පැත්තක් වෙනස් කළා…”

ගලබොඩ ඥානිස්සර හිමියන් නික්ම යන්නේ එවැනි නිශ්චිත ලකුණක් තබමිනි. උන් වහන්සේ ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතව ඇත.
අගෝස්තු 05 වනදා සවස විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත් වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ. එය නායකයෙකුගේ නික්ම යෑමට සුදුසු ගෞරවයක් බව ලියා තබමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ධීවර කොල්ලයට පැමිණි ඉන්දීය ධීවරයින් 20ක් දඬුවම් නැතිව නිදහස්… ඉන්දියාවට ආපසු ඇරලවා එන්නැයි නාවික හමුදාවට නියෝග!

Next Post

ඒක පට්ට තරගයක්… ඒත් බලන්න මිනිස්සු නෑ… ප්‍රේක්ෂාගාරය හිස්!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.