බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එවරස්ට් නගින්න යන සරසවි සෙට් එක… සරසවි කෙල්ලෙකුත් ඒ අතර….

by editor
මාර්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්විද්‍යාල සිසු පිරිසක්  අභියෝගාත්මක ප්‍රවේශයකට සැරසෙති. ඒ  මුහුදු මට්ටමේ සිට මීටර් 6200 ක උසකින් පිහිටි එවරස්ට් කන්දේ අයිලන්ඩ් පීක් වෙත ළඟා වීමය. ඊට විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු සමඟ ඉංජිනේරු පීඨයේ  තෙවන වසරේ සිසුවියක් ද එක්ව සිටියි.

විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය 14 වැනි වරට එවරස්ට් කඳු තරණය මෙවර සංවිධානය කරයි. කණ්ඩායම් නායක ලෙස ඉංජිනේරු පීඨයේ  අවසන් වසරේ අධ්‍යාපනය ලබන ජේ. ඒ. හර්ෂ ධර්මප්‍රිය ය.   සෙසු සාමාජිකයින් ලෙස  ආර්.එම්.ටී.ටී.බී. සමරකෝන් (විද්‍යා පීඨය), එච්.එම්.සී.එස් මඩවෙල (ඉංජිනේරු පීඨය), ඩබ්ලිව්.එච්.එම්. ඩිල්ෂාන් (කලා පීඨය), එම්.ඒ.සඳුනි කාංචනා (ඉංජිනේරු පීඨය) සහ එම්.එම්.එච්.ආර්.බී. මාන්නප්පෙරුම (කෘෂිකාර්මික පීඨය) යන අය එක් වී සිටිති.

එවරස්ට් තරණය සඳහා ලබන මස මුල් සතියේ පිටතව යන පිරිස නේපාලයේ කත්මණ්ඩු නුවර සිට සැලරි දක්වා ගොස් එහි සිට නමචි බසාර් (3440m) දක්වා ගමන් ගැනීමට නියමිතය. එතැන් සිට ගෝකියෝ විල් (4760m) ඔස්සේ  එවරස්ට් බේස් කැම්ප් (5364m) වෙත අප්‍රේල් 20 වැනි දින ළඟා වීමට සැළසුම් කර තිබේ. මෙම කණ්ඩායමේ ඉලක්කය වී ඇත්තේ ඉන් නොනැවතී මීටර් 6200 ක උසකින් පිහිටි අයිලන්ඩ් පීක් තරණය කිරීම ය.

එවරස්ට් තරණය කිරීමට සැරසෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු කණ්ඩායම…

මුහුදු මට්ටමේ සිට මිටර් 6200 ක උසින් යුත් මෙම ස්ථානයට ළඟා වී ඇත්තේ ශ්‍රී ලාංකිකයින් ඉතා සීමිත පිරිසකි. මෙම සිසු කණ්ඩායම ගමන් කිරීමට බලාපොරොත්තු වන ත්‍රී පාසස් මාර්ගය ( Three passes route) අතිශයින්ම දුෂ්කර, භයානක හා අභියෝගාත්මක එකකි.

කණ්ඩායමක් වශයෙන් මීට පෙර එම මාර්ගය ඔස්සේ එවරස්ට් කන්දේ මීටර් 6200 උසකට ශ්‍රී ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලීය සිසු කණ්ඩායමක් ළඟා වී නොමැත. ඒ අනුව මෙම ගමන සාර්ථක වුවහොත් එක මෙරට  ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාල හිමාල ගවේෂණ කණ්ඩායමේ තේමා පාඨය වන්නේ   Dream of Everest යන්නය. එවරස්ට් තරණය කිරීමට අපේක්ෂා කරන සිසු කණ්ඩායම එවරස්ට් කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ පවතින අධික ශීතල හා වායුගෝලයේ පවතින අඩු ඔක්සිජන් මට්ටමට ඔරොත්තු දිය හැකි ආකාරයට සිය සිරුරු හැඩ ගස්වා ගැනීම සඳහා මාස හයක පමණ කාලයක සිට විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකයේ පුරුදු පුහුණු වෙමින් කඳු තරණය සදහා නියමිත ක්‍රමවේදයන් අනුගමනය කළ බව  ගවේෂකයින් ගේ  සංගමයේ සභාපති රශ්මික අකලංක පැවසීය.

දැඩි සීත දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ලෙස සිරුරු ශක්තිමත්ව පවත්වා ගැනීම ඇතුළු අභියෝග රැසකට එවරස්ට් තරණයේ දී මුහුණ දීමට සිදුවන බවත් ශක්ති ජනක ආහාර ලබා ගැනීම, කඳු නැගීම සඳහා අවශ්‍ය ආම්පන්න හා ඒවා රැගෙන යාමට අවශ්‍යය ගමන් මලු, බූට්ස්, ඖෂධ වැනි දෑ ලබා ගැනීමට විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට හැකියාව ඇතොත්  0768932040  අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත් හිමාලයානු ගවේෂණය කණ්ඩායම් නායක හර්ෂ ධර්මප්‍රිය පැවසීය.

කවදා හෝ දිනක එවරස්ට් කදු මුදුනේ මෙරට  ජාතික කොඩිය හා විශ්වවිද්‍යාලයීය කොඩිය ලෙලදීමේ අභිප්‍රාය ඇතිව එයට මූලික පියවරක් ලෙස මෙම ගවේෂණය සිදු කරන බව ද ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩු 06ක  අධිකරණ නියෝග තුට්ටුවට දමා ගෝත්‍රික දේශපාලකයින්ගේ බහට වඩ්ඪමාන පබ්බත විහාර භූමියේ පොංගල් උත්සව කරන්නට ගිය පූසාරි ඇතුළු 09කට ඇප නෑ!

Next Post

පහළොස් දෙනෙකුට මරු කැඳවූ රුසියානු ගුවන්යානා අනතුර….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.