අමායා උඩුවැරැල්ල
රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් මොස්කව් නුවරට ඊසාන දෙසින් පිහිටි ඉවානෝවෝ ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක්ව කඩා වැටී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද නිකුත් කල ප්‍රකාශයක සඳහන් වනවා.
මොස්කව් වේලාවෙන් අද පස්වරු 1.00 ට පමණ මෙම IL-76 හමුදා ප්‍රවාහන ගුවන් යානය ඉවනෝවා ප්‍රදේශයේ නියමිත ගුවන් ගමනක් සඳහා ගුවන්ගත වීමේදී මෙලෙස අනතුරට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස අනතුරට හේතුව යානය ගුවන්ගත කිරීමේදී එක් එන්ජිමක ඇති වූ ගින්නකි. අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානය තුල කාර්ය මණ්ඩලයේ අට දෙනෙකු සහ මගීන් හත් දෙනෙකු සිට තිබෙන අතර ඔවුන් සියලු දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.