දිනසේන රතුගමගේ –
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මුලතිව් බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගුණසිංහම් මෝහනරාජන් ඊයේ (21) ප්‍රංශයේ සිදු වූ රිය නතුරකින් මිය ගොස් තිබේ.
ඔහු පදවා ගෙන ගිය මෝටර් රථය වෙනත් රථයක ගැටීම නිසා බරපතල තුවාල ලබා ඇති මෝහනරාජන් රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
යුද්ධයේ අවසන් සමයේදී ආරක්ෂක අංශවල අත් අඩංගුවට පත් නොවී ඔහු ප්‍රංශයට පලා ගොස් එහි දේශපාලන රැකවරණය පතා සරණාගතයෙකු වශයෙන් ජීවත් වී තිබේ.
ඒ අතරවාරයේ ඔහු ක්‍රිස්ටි ඇනා නැමති ප්‍රංශ ජාතික කාන්තාවක් සමග විවාහ වී ඇත.







