සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු ජනපති හමු වෙති!

by editor
සැප්තැම්බර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් අද (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක   හමු වී සාකච්ඡා පැවැත්වූහ.

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත පැන වූ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිත කණ්ඩායම ඇගයීමට ලක් කළ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීහු රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පැසසුමට ලක් කළහ.

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනය (USTR) මෙතෙක් ලබා දුන් සහාය පිළිබඳව මෙන්ම, අනාගතයේදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව යනු සුවපත් වෙමින් පවතින කුඩා ආර්ථිකයක් සහිත රටක් බවත් බාහිරින් එල්ල වෙන කුඩා බලපෑමක් වුව ශ්‍රී ලංකාවට විශාල ලෙස බලපෑම් සිදු කළ හැකි බවත් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන කණ්ඩායමේ අවධානයට යොමු කළ ජනාධිපතිවරයා, ඒ සියලු සාධකද සලකා බලමින් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා ඉදිරියටද සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

එසේම සියලු තීන්දු තීරණ ගැනීමේදී දෙරටේ දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානයට යොමු කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චංග් (Julie Chung), එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන අධ්‍යක්ෂ (දකුණු ආසියාව) එමිලි ඈෂ්බි (Emily Ashby), සහකාර එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (දකුණු සහ මධ්‍යම ආසියාව) බ්‍රෙන්ඩන් ලින්ච් (Brendan Lynch), ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් (Daniel Jackson) සහ දේශපාලන-ආර්ථික උපදේශක ඇන්තනි පියර්නොට් (Anthony Pirnot)ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජාද මේ අවස්ථාවට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුදුන් උපන් දේශයේ ඇතිවූ කැළඹීම ගැන අස්ගිරි අනුනායක හිමියෝ සංවේගය පළ කරති….

Next Post

අයිස් හදන්න රසායනික ද්‍රව්‍ය නුවරඑළියට ප්‍රවාහනය කළ ලොරි රථය අත් අඩංගුවට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.