සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුදුන් උපන් දේශයේ ඇතිවූ කැළඹීම ගැන අස්ගිරි අනුනායක හිමියෝ සංවේගය පළ කරති….

by editor
සැප්තැම්බර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

සමාජ මාධ්‍ය භාවිතයට තරුණ පිරිස ඇබ්බැහි වී ඇති බව පවසමින් ඒවා තහනම් කිරීමට වඩා එම සමාජ මාධ්‍ය තුළින් තරුණ පිරිසකට තම රට ගැන හැඟීමක් මෙන්ම රටේ ඉතියාසය හා උරුමය කියා දීමේ වැඩපිළිවෙළක් තිබුණා නම් නේපාලය අද මෙවැනි දරුණු තතත්වයට පත් නොවනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

නේපාලයේ සිදුව තිබෙන ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ බව ප්‍රකාශ කරන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

නේපාලයේ ඇති වූ අතිශය කණගාටුදායක සිදුවීම් මාලාව පිළිබඳව අප මහත්සේ කම්පනයට පත්වූවා. බුදු පියාණන් වයන්සේ උපන් දේශයේ මේ ආකාර ශෝචනීය දරුණු කැරැල්ලක් නිර්මාණය වී ඇති වූ සංවේගජනක සිදුවීම් මාලාව කිිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. දකුණු ආසියාතික රටවල් වැනසීමේ යම් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළවෙළ කලක පටන් ක්‍රියාත්මක වන බවක් පැහැදිලිව පෙනී යනවා. විශේෂයෙන් අතීතයේ බෞද්ධ ලෙස පැවැති රටවල මෙන්ම බෞද්ධ උරුමයන් ඇති රටවල ගැටුම් ඇතිකර එම රටවල් වැනසීමට ගන්නා උත්සයක් ඇති බව නේපාලයේ සිදුවීම දෙස බලන විට පෙනි යනවා.

ඛේදවාචකයකට මුහුණ පාන්නේ නැහැ. නේපාලය වැනසීමේ කැරැල්ලේ පෙරමුණ ගත් තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදන්නා පිරිසක් බව පැහැදිලිය. එසේ දැන සිටියා නම් ඔවුන් තමන්ගේ රට මේ අන්දමින් විනාශ නොකරනු ඇත. අද සමාජ මාධ්‍යයේ වැඩි හරියක්ම දකින්නට ඇත්තේ වෛරය හා ඊර්ෂ්‍යාව වපුරන ගැටුම් ඇති කරන අදහස් බව බොහෝ දෙනාගේ මතයයි. මේ නිසා සමාජ මාධ්‍ය සමාජයේ යහපත පිණිස යොදා ගත යුුතුය යන්න අපට නේපාලනය අද පාඩමක් කියා දී තිබේ. නේපාලය යනු දියණු වෙමින් පවතින රටකි. තමන් මේ විනාශ කර දැම්මේ තමන්ගේම දේපොළ බව එම රටේ තරුණ පිරිසකට අවබෝධ වීමට වැඩි දිනක් ගත නොවනු ඇත. අතීතයේ මහ රජවරු පාලනය කළ නේපාලය අද ගිනි ගෙන දැවෙන විට එම රටින් බිහිවූ මහා පුරුෂයෙකුගේ දහම පිළිපදින මිනිසුන් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට ඇතිවූයේ මහත් වූ සංවේගකයකි.

නේපාලයේ අරගලය ම්ලේච්ඡ දිශාවකට ඇදී ගොස් අමු අමුවේ මිනිස්සු මරා දමන තත්ත්වයට පත් වුණා. මෙම තරුණ පිරිස පිටුපස සිට ඔවුන් කවුරුන් හෝ මෙහෙයවා ඇති බව පැහැදිලිය. මේ සිදුවීම මහා ඉතිහාසයක් ඇති නේපාලයේ ගෞරවයට සිදුවූ බරපතළ හානියක් බව සිහිපත් කළ යුතුයි. තව ද පාලකයෝ රට පාලනය කරනවා වෙනුවට ඒ ඒ රට විසින් පාලකයෝ පාලනය කරන තත්ත්වයක් උදාවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයත් මිනිස් සංහතියත් මේ මිහිතලයෙන් අතුගෑවි යන දිනය වැඩි ඈතක නොවනු ඇත.ඒ නිසා ගිනි ගන්නා ලොව නිවන්නට අද ලෝක ආගමික නායකයෝ සියල්ල පෙරට ආ යුුත බව සිහිපත් කළ යුතුයි

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කප්පම්  අරන් අච්චු කළ හිටපු ඇමති ප්‍රසන්න අත්හිටවූ සිර දඬුවමින් සහ දඩ මුදලින් නිදොස් වන්නට ඉල්ලූ අභියාචනාව ඉල්ලා අස් කරගනී!

Next Post

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු ජනපති හමු වෙති!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.