මිද්දෙනිය සහ නුවරඑළිය ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කරන ලොරි රථය අද පොලිස් භාරයට ගත්තේය. මෙම අත් අඩංගුවට ගැනීම සිද්ධ වන්නේ කොළඹ උතුර අපරාධ කොට්ඨාසය කළ පැමිණිල්ලකට අනුවය.
මිද්දෙණියේ සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළියේ සිට කඳාන දක්වාත් අදාල රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්තේ එම ලොරි රථයෙන් බව විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය සඳහා යොදා ගන්නා රසායනද්‍රව්‍ය තොගයක් පසුගියදා සොයා ගැනුනේ සංවිධානාත්මක අපරාධකරුවෙක්වන බැකෝ සමන් නැමැත්තා කළ අනාවරණයකට අනුවය.







