අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් අරාබි එමීරයේ නියෝජ්‍ය පාලකවරයා සහ ජනපති අතර හමුවක් ඩුබායිහිදී

by Lanka Sara Editor
දෙසැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) පස්වරුවේ ඩුබායි හි එක්ස්පෝ -2020 (EXPO – 2020) ප්‍රදර්ශන භූමියේ දී සිදුවිය.

මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙපොළ සඳහන් කළහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50වන ජාතික දින සැමරුම වෙනුවෙන් සුබ පැතීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගනු ලැබීය.

කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා, ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාව දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාවය ලොවට රැගෙන යාමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වන බව පැවසූ ජනාධිපතිවරයා ඊට අවස්ථාව ලබාදෙමින් දැක්වූ සහායට සිය ස්තූතිය පිරිනැමීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය අනුව “එක්ස්පෝ 2020” ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය.

අක්කර 1083ක කාන්තාර බිමක පැවැත්වෙන “එක්ස්පෝ” ප්‍රදර්ශනය සඳහා රටවල් 192ක් සහභාගී වී සිටී. “සිත් සම්බන්ධ කිරීම, අනාගතය නිර්මාණය කිරීම” යන ආදර්ශ පාඨය යටතේ ඔක්තෝබර් මස පළමුවැනිදා ඇරඹි ප්‍රදර්ශනය ලබන මාර්තු 31 වනදා දක්වා පැවැත්වේ. ප්‍රදර්ශනය නැරඹීමට මේ වන විට ලොව පුරා රටවල් රැසකින් මිලියන 03කට අධික පිරිසක් පැමිණ ඇති බව සංවිධායකයෝ පවසති.

ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදර්ශන කුටිය නැරඹීමට එක් වූ අතර විශේෂ අමුත්තන් වෙනුවෙන් එහි තබා ඇති සමරු පොතේ සටහනක් ද තැබීය.

මේ අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නරඹමින් සිටිය දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක ෂෙයින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් මහතා හමුවීම ද විශේෂ සිදුවීමක් විය. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට ද ජනාධිතිවරයා මෙය අවස්ථාවක් කර ගනු ලැබීය.

“එක්ස්පෝ – 2020” ප්‍රදර්ශනය මෙරට සංචාරක කර්මාන්තයේ සහ තේ, ඇගලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර රැසක ප්‍රගතියට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා යන මහත්වරු ජනාධිපතිවරයා සමග මේ අවස්ථාවන්ට එක් වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

13 ගැන මෝදි හමුවී කතා කරන්න ටී.එන්.ඒ. ඉන්දියාවට…  

Next Post

ඛේදවාචකයක ඉවර නෑ… කින්නියා කලපුවේ ගිලී ජීවිතය සමග පොරබදමින් සිටි තවත් කාන්තාවක් මිය යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.