පසුගිය 23 දා කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාළම් පාරුවක් පෙරලීමේ සිද්ධියෙන් අසාධ්‍ය තත්වයේ සිටිය දී කිලිනොච්චි රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යැවූ කාන්තාවත් ඊයේ (04) රාත්‍රියේ මිය ගියාය.
මියගිය මෙම කාන්තාවත් සමග මෙම සිද්ධියෙන් මියගිය පිරිස 8 දක්වා ඉහළ ගියේය.
පාළම් පාරුව පෙරළීමෙන් අනතුරුව දරුපැටව් සිව් දෙනෙක් වැඩිහිටියන් දෙදෙනෙක් එතැනම මිය ගියහ. අසාධ්‍ය තත්වයේ සිටි දරුවෙක් සහ කාන්තාවක් ත්‍රීකුණාමල රෝහලේ දැඩි සත්කාර ඒකකයට සහ කිළිනොච්චි රෝහලෙ දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවිනි.
දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සත් හැවිරිදි දැරිය සිද්ධියෙන් දින 05කට පසු, එනම් පසුගිය 28 දා මිය ගියාය. දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් කාන්තාවත් දැන් මිය ගොස් ඇත.
සිද්ධියෙන් අනතුරට ලක්වූ පුද්ගලයින් 20 දෙනෙක් ඊට අමතරව කින්යා රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු විය.