සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙක් ලෙස ශානි නම් කරයි!

by editor
ජූලි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සාක්ෂි කරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර නම් කර ඇතැයි නීතිපතිවරයා අද (16) අධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා මෙම දැනුම් දීම කළේ මෙම නඩුව ආචාර්ය නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (16) විභාගයට ගත් අවස්ථාවේ දී ය.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කැඳවා තිබූ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා වැඩිදුර සාක්ෂි විභාගය මෙහෙයවනු ලැබුවේය.

ඒ අනුව තිර පිටපත් හා නාට්‍ය අධ්‍යක්ෂවවරයක් වූ වසන්ත කුමාර, හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් වු ශිවකුමාර් සහ විශ්‍රාමික යුද හමුදා සෙබල සම්පත් කුමාර වීරතුංගගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරිනි.

නඩුවේ සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ පවසා සිටියේ 2015 වසරේ සිට මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවය.

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

2022 වසරේ නොවැම්බර් මස 29 වැනිදා තමා අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ බවත් එය සලකා බලන බවට එවක පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින් දැනුම් දී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

ශානි අබේසේකර මේ වනවිට පැමිණිල්ලේ 109 වැනි සාක්ෂිකරු ලෙස නම් කර ඇති බව එම අවස්ථාවේ  ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාව වෙනුවෙන් යුක්රේන යුද බිමේ සටන් වදින උතුරු කොරියානු භටයන් තිස් දහසකගේ කතාව!

Next Post

පළාත් පාලන ආයතන පිහිටුවීම කඩාකප්පල් කිරීමට විපක්ෂය දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතන කොමසාරිස් පාලනයට යටත් කරන බව ඇමති කියයි!

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.