සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් පාලන ආයතන පිහිටුවීම කඩාකප්පල් කිරීමට විපක්ෂය දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතන කොමසාරිස් පාලනයට යටත් කරන බව ඇමති කියයි!

by editor
ජූලි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පලාත් පාලන ආයතන කීපයක කටයුතු නිසි ලෙස කරගෙන යෑමට දිගින් දිගටම විපක්ෂය බාධා කරන්නේ නම් නිසි ක්‍රියාවලිය අනුගමනය කරමින් එම පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීමට පසුබට නොවන බව  රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  ආචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කරයි.

මේ පියවර ගැනීම සඳහා   ප්‍රමාද වන්නේ ඒ සඳහා තවත් යම් කාලයක් නෛතිකව ලබා දිය යුතු නිසා බව යැයි පෙන්වා දුන් ඇමතිවරයා මුලින්ම අදාල පළාත් පාලන ආයතනවල ස්වරූපය සම්බන්ධව පලාත් පාලන කොමසාරිස්වරුන් විසින් ආණ්ඩුකාරවරයා වෙත වාර්තාවක් ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශය ලෙස මේ  සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවෙන් මග පෙන්වීමක් ලබා ගත යුතුව ඇති බවත් කි ඇමතිවරයා  පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ලබා දෙන වාර්තාව සම්බන්ධව මාස තුනක් තුළ ආණ්ඩුකාරවරු විසින් විමර්ශනක් කරන බවත් විමර්ශනය කරන කාලය ඇතුළත සභාවෙන් ඉවත්ව ගිය සභිකයින්ගේ ධූරය අත් හිටුවීමේ බලය ආණ්ඩුකාරවරුන්ට ඇති බව පැහැදිලි කළේය.

ආණ්ඩුකාරවරයාගේ විමර්ශනයෙන් පසු මාස තුනක් ඉකුත් වීමට පෙර නිශ්චිතවම මෙම ආයතන පවත්වාගෙන යෑම සඳහා විශේෂ කොමසාරිස්වරයෙක් පත් කර වැඩකටයුතු කරගෙන යෑමේ නෛතික ප්‍රතිපාදන ඇති බව ඇමතිවරයා  පෙන්වා දුන්නේය.

ඇමතිවරයා මේ කරුණු අනාවරණය කරන්නේ  නිව්ස් ෆස්ට් සමග සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී ඇමතිවරයා මෙසේ ද කීවේය.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

“ගණ පූරණය නොමැතිවන විදිහට ආයතනවලින් එළියට ගිහින් කටයුතු කිරීම පුද්ගල නිදහස කියලා කියන්න පුලුවන්. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුලුල් කිරීම කියන අර්ථයෙන් ගන්න විට ඒක ඒ තරම් සාධාරණ නොවන බවයි අපේ හැඟීම. ”

“මොකද ජනතාව මේ බලය දුන්නේ පලාත් පාලන ආයතන පිහිටුවන්න. එක්කො රජය මේ ආයතන පිහිටුවන්න ඕන. ජාතික ජන බලවේගයට බලය දෙන්නේ නැතිනම් ඕනෑම පක්ෂයක් හෝ ස්වාධීන කණඩායමක් ඒ ආයතනවල බලය පිහිටුවලා කටයුතු කරගෙන යන්න ඕන.”

“නමුත් මේ තියන තත්ත්වයත් එක්ක ජනතාවට සේවය සැපයීමේ බාධා මතුවෙලා තියනවා. මේ තත්ත්වය දිගට ගෙනියන්න අපි අපේක්ෂා කරන්නේ නෑ. ඊට අදාල ඉදිරි ක්‍රියාකාරකම් නීත්‍යානුකූලව කරන්න අපි රජය හැටියට මැදිහත් වෙනවා. ”

” යම් නිශ්චිත තීරණයක් ගන්න ගත කළ යුතු අවම කාලසීමාවක් තියනවා. ඒ කාලයෙන් පස්සේ විධිමත්ව ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුන නියෝජිතයන්ගෙන් මේ ආයතන පවත්වාගෙන යන්න නොහැකිනම් අපට වගකීමක් තියනවා ඒ ආයතනවලින් ලබා දිය යුතු සේවය ලබා දෙන්න. ඒ නිසා අප අමාත්‍යාංශය විදිහට, රජය විදිහට පවතින නිතිය අනුව ඒ වගේ තීරණයක් ගන්න පසුබට වෙන්නේ නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙක් ලෙස ශානි නම් කරයි!

Next Post

හතර අතේ ඉන්නා ලොන්ත සිපයි ගෙදරට ඇවිත් කනට ගසා යනු බලා ඉන්නට සිදුවූ රටේ ක්‍රිකට් ලොලීන්ගේ  පාපය…

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.