බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එංගලන්තය දඟ පන්දු යවන්නන් 06ක් සමග රටේ හැටියට වැඩේට බසී… ශ්‍රී ලංකාව ලකුණු 219කට සීමා වෙයි…

දඟ පන්දු යවන්නෝ අවසන් පන්දු ඕවර 10 ඇතුළුව පන්දු ඕවර 41ක් යවති...

by editor
ජනවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි එක් දින තරගයේ පළමු අර්ධය නිමා වී ඇත. කාසියේ වාසිය දිනාගෙන පළමු පන්දුවට පහර දීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 219 සීමා වී තිබේ. ඉනිමේ පන්දු 03ක් ඉතිරිව තිබිය දී සියල්ලන් දැවී ගොස්ය.

පොතේ හැටියට නම් 219ක් යනු එක් දින තරගයක දී තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් නොවේ. විශේෂයෙන්ම එංගලන්ත කණ්ඩායම වැනි ප්‍රහාරාත්මක පිතිකරණ බලඇණියක් සමග මේ ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගැනීමට නම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපේක්ෂාකළ දක්ෂතාවලින් ඉදිරියට ගොස් ආශ්චර්යයක්  නිර්මාණය කළ යුතුය. බොහෝ විට අප දන්නා ආකාරයට ක්‍රිකට්වල ආශ්චර්යයන් අතිශයින්ම විරලය.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පිතිකරුවන් මුළුමනින්ම පාලනය කළේ දඟ පන්දු යවන්නන් යොදා ගනිමිනි. එංගලන්තය දඟ පන්දු යවන්නන් හය දෙනෙකු භාවිතා කළේය. අවසන් ඕවර 10 ඇතුළුව ඕවර 41ක් දඟ පන්දු යවන්නෝ පන්දු යැවූහ. ශ්‍රී ලංකා තණතිරූවල දී ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රමයට ගේමට පිවිස තිබේ.

චරිත් අසලංක ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේය. ඔහු දැවී යන්නේ ලකුණු 45ක් ලබාගෙන තිබියදී ය. අවසන් පන්දු ඕවර 10 දී වේගය ඉහළ නැංවීමට ගිය චරිත් පිටියෙන් ඉවත් වූයේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අවසාන කඩුලු පහ ලකුණු 40කට බිඳ වැටුණි. ලකුණු 50කට වැඩි සම්බන්ධතාවයක් ගොඩ නැගුනේ එක් අවස්ථාවක පමණි. ඒ කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා අතර සිව් වන කඩුල්ල වෙනුවෙනි.

පැතුම් නිශ්ශංක ලකුණු 26කි. කමිල් මිෂාර මේ තරගයේ දීත් අසාරථකය. ඔහු ලකුණු 5කි. කුසල් මෙන්ඩිස් ලකුණු 26ක්, ධනංජය ද සිල්වා ලකුණු 40ක්, ජනිත් ලියනගේ ලකුණු 12ක්, පවන් රත්නායක ලකුණු 29ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ක් ලැබුහ.සියල්ලන්ම පන්දු ඕවර 49.3ක දී  ලකුණු 219කට දැවී ගියේය.

එංගලන්තය පන්දු යවන්නෝ 08 දෙනෙක් භාවිතා කළහ. ආරම්භක වේගපන්දු යවන්නන් වන ජෙම්ස් ඕවර්ටන් පන්දු ඕවර 05කි. එක් නිලකුණු ඕවරයක් සමග ලකුණු 21කට කඩුළු දෙකක් දවා ගනිද්දීත් ඔහුව අවසන් පන්දු ඕවර කීපය යවන්නටවත් කැඳෙව්වේ නැත. සෑම් කරන් පන්දු ඕවර 04කි. ඔහු ලබා දුන්නේ ලකුණු 16ක් පමණි. නමුත් එංගලන්ත නායක හැරී බූක් ඉතිරි 41ම යවන්නට කැඳවූයේ දඟ පන්දු යවන්නන්ය. ජෝ රූට් අවසන් පන්දු ඕවරය යැව්වේය. ලකුණු 1කට කඩුළු 02ක් දවා ගත්තේය.

ලියම් ඩෙව්සන් කඩුල්ලක්, විල් ජැක් කඩුල්ලක්, අදීල් රෂීඩ් කඩුළු 02ක්, රෙහාන් අහමඩ් කඩුල්ලක් ලැබූවේය.

මැච් එක වැන්ඩර්සේ, ධනංජය, අසලංක සහ වෙල්ලාලගේ පන්දු හමුවේ බොහෝ විට තීරණය වනු ඇත. දැනට නම් පෙනෙන විදිහට අප ඉන්නේ ගවු ගණනක් පසුපසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජය මහ නාහිමි ඉල්ලීමට අවනත වෙයි – වෙසක් පොහොය මැයි 30 වෙයි  

Next Post

ප්‍රජාශක්ති ගම හදන සැලසුම් සඳහා නව ඩිජිටල් පද්ධතියක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.