ඌව පළාත තුළ පුද්ගලයින්ගේ මානසික පීඩනය ඉහළ යමින් පවතින බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සඳහන් කරයි.
මේ හේතුවෙන් මෙම පළාත තුළ බෝනොවන රෝගයන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබෙන බව ඔහු පෙන්වාදේ.
පවතින ආර්ථික අර්බුධයන් හමුවේ පුද්ගලයින් මානසිකපීඩනය ඉහළ යාම හේතුවෙන් බෝනොවන රෝගයන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොපැමිණීම හා රෝග හඳුනා ගැනීමට උත්සාහ නොකිරීම හේතුවෙන් බෝනොවන රෝග වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව වෛද්‍ය රාජපක්ෂ පෙන්වාදේ.
ප්‍රවාහන දුෂ්කරතාවන්, රෝහල්වල ඖෂධ නොමැතිවීම , හා ආර්ථික අර්බුධයන් හේතුවෙන් ඇතිව තිබෙන මානසික පීඩනය රෝගීන් ප්‍රතිකාරයන් සඳහා රෝහල වෙත පැමිණීම සීමා කර ඇති බව ඔහු පෙන්වාදේ.
කෙසේ නමුත් බෝනොවන රෝගයන් සඳහා ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන් මේ වන විට දියවැඩියාව, අධිරුධිරපීඩනය, ඇදුම, හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගයන්ගේ සැලකිය යුතු වැඩිවිමක් තිබෙන බවත් මෙවැනි රෝගීන්ට නිසි ප්‍රතිකාරයන් නොලැබීම හේතුවෙන් රෝග තත්ත්වයන් උත්සන්න වී රෝහල් ගතවීම් ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය පාලිත සඳහන් කළේය.







