2022 වසරට අදාළ අධ්‍යයන උසස් පෙළ විභාගය අද (23) විභාග මධ්‍යස්ථාන 2200ක දී ආරම්භ වේ.
විභාගය සඳහා පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ..
මෙවර විභාගයේ රචනා ප්‍රශ්න සඳහා අමතර විනාඩි 10ක කාලයක් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පෙබරවාරි මස 17 වැනි දින තෙක් මෙවර විභාගය පැවැත්වෙනු ඇති අතර, සියලු ම විභාග මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබේ. මේ අතර උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
අද දිනයේ සිට අඛණ්ඩව දරුවන්ට නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට පොදු ප්‍රවාහන සේවයට විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇති බව ද රජය දැනුම් දුන්නේය.