පානදුර සුමිත් පොතුපිටිය –
සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි කළුතර දුම්රිය බළධාරින් සදහන් කරයි.
කළුතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ මෙම පිලී පැනිම සිදුව ඇත
ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වනවිට දුම්රිය ගමනාගමනය සිදුවෙමි පවතී. එබැවින් කාර්යාල දුම්රියන් ප්‍රමාද වී ධාවනය වෙමින් ඇත. මගීහු දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.