දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින්, අද (27) සහ හෙට (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට සිදුවිය හැකි අපහසුතා මගහරවා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, අද සහ හෙට දිනවලට නියමිතව තිබූ විෂයන් සඳහා විභාගය පැවැත්වෙන නව දිනයන් පසුව දැනුම් දීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.







