බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌව පළාතට දරුණු ආපදා තත්ත්වයක්: නායයෑම්වලින් 15ක් අතුරුදන් – මරණ රැසක් වාර්තා වේ

by Lankasara News
නොවැම්බර් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බදුල්ල දිස්ත්‍රික්කය පුරා දින කිහිපයක සිට පවතින අඛණ්ඩ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක නායයෑම් සහ පස්කඳු කඩා වැටීම් වාර්තා වී තිබේ. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන් වී ඇති අතර ජීවිත හානි රැසක් ද තහවුරු වී ඇත.

වාර්තා වන ප්‍රධාන සිදුවීම්:

  • පස්සර, වෙලන්ගස්තැන්න: පියෙක් සහ 15 හැවිරිදි දියණියක් නිවස තුළ සිටියදීම පස් කන්දකට යටවී ඇත. යුද හමුදාව විසින් මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර තිබේ.
  • මඩොල්සිම, වැරැල්ල පතන: ආච්චි සහ මුණුබුරා නිවසේ සිටියදී පස් කන්දකට යට වී ඇත.
  • පස්සර, මැටිගහ තැන්න: අඹුසැමි යුවළක් සිටි නිවසක් පස් කන්දකට යට වී තිබේ.
  • බදුල්ල, කැන්දගොල්ල: මව සහ දියණිය සිටි නිවස ඊයේ රාත්‍රියේ පස් කන්දකට යට වී ඇත.
  • කන්දකැටිය, තල කුඹුර: නිවාස දෙකක් නාය යෑමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇත.
  • ලුණුගල, ජනතාපුර දකුණ: කිව්ලේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 32 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇත.
  • සොරණාතොට, රිදීපාන: දුම්හිදවත්ත ප්‍රදේශයේ නිවසක් නාය යාමෙන් එක් මරණයක් වාර්තා වේ.

සහන සේවා සහ ප්‍රවාහන බාධා:

බදුල්ල, මහියංගණය, හාලිඇල, ඇටම්පිටිය, වැලිමඩ, පස්සර, මඩොල්සිම සහ ඇල්ල ඇතුළු ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. ප්‍රදේශ රැසක විදුලි බලය ද ඇනහිට ඇත.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් එක්ව රාත්‍රිය පුරා මුදාගැනීමේ සහ සහන සැපයීමේ මෙහෙයුම් සිදුකරන බවයි. විශේෂයෙන් විභාග අපේක්ෂක දරුවන්ට ප්‍රවාහන බාධා ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දීමට විශේෂ වැඩපිළිවෙලක් ද සකස් කර ඇත.

අධික වර්ෂාව සහ නායයෑම් අවදානම තවදුරටත් පවතින බැවින් ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වේ

Next Post

කටුගස්තොට විද්‍යාර්ථ විද්‍යාලයේ පැති බැම්ම කඩා වැටෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.