ඉඳුනි්ල් කහටපිටිය –
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් දෙලක්ෂ 2,69,613ක අපේක්ෂකයන් ප්‍රමාණයෙන් සියයට 10.4ක් විෂයයන් තුනම අසමත් වී ඇති බවත්, විෂයයන් තුනම අසමත් අපේක්ෂකයන් සංඛ්‍යාව 27970ක් බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් සමස්ථ ප්‍රතිඵලය සැලකූ විට අතිශය දුර්ග වකවානුවක පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වූ පරිසරයක දුෂ්කරතා මධ්‍යයේ උසස්පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන් සාධනීය ප්‍රතිඵලයක් අත් කරගෙන ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පෙන්වා දෙයි.
මෙවර විභාගයෙන් දේශීය විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා අවම පරිසාධන මට්ටම සපුරා විභාගය සමත් වූ පිරිස විභාගයට පෙනී සිටි සමස්ථයෙන් සියයට 64.3කි.
පෙනී සිටි කාන්තා අපේක්ෂකයින්ගෙන් සියයට 70.1ක් විභාගය සමත්ය. පිරිමි අපේක්ෂකයින්ගේ ප්‍රතිශතය සියයට 56 කි. කටුක කාලයේ දී කාන්තා අපේක්ෂකයින් ඒ ජීවිත අභියෝග මනාව කළමනාකරණය කරගෙන තිබේ.
මෙම ප්‍රතිඵලයේ සුවිශේෂී ලක්ෂණ ගණනාවකි. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු පිරිස අතරින් වැඩිම ප්රතිශයතක් උසස්පෙළ විභාගය සමත් වන්නේ බස්නාහිර හෝ දකුණ නොවේ. උතුරු පළාතෙන්ය. උතුරු පලාතෙන් විභාගයට පෙනී සිටි අපේක්ෂකයින්ගෙන් සියයට 66.77ක් උසස් පෙළ සමත්ය.
විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලබාගත් අපේක්ෂකයින් ද සුලභය. . අපේක්ෂකයින් 10484ක් විෂයන් තුනටම ඒ සාමාර්ථ අත් කරගෙන සිටිති.
විෂය ධාරා හයකි. එම විෂය ධාරාවන් අතුරින් වැඩිම ප්‍රතිශතයක් සරසවි ප්‍රවේශයට සුදුසුකම් සපුරා තිබෙන්නේ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙනි. එම විෂය ධාරාවට මුහුන දුන් . සියය 76.21ක් විභාගය සමත්ය.
කලා විෂය ධාරාව
කලා විෂය ධාරාවෙන් මුල් ස්ථාන 10 ට පැමිණ ඇත්තේ ගාල්ල ගම්පහ කොළඹ නුවර කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අපේක්ෂකයින්ය. මුල් තැන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිස්මික විතානගේ ය. දෙවැනි තැන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ හිමාෂා ගිම්හානි ප්‍රනාන්දුය. තුන්වන තැන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නිසිත නදීරංග තල්පාවිලය. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉමල්ෂි නවෝද්‍යා ගුණරත්න, සිව්වන තැනය. මනුවර අස්ගිරිය මහා විහාර පිරිවෙණේ පූජ්‍ය අරණායක කස්සප හිමියන් කලා විෂය ධාරාවේ ලංකාවෙන් පස්වන තැනය.
පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ සෙමිලා නිශානී ද සිල්වා හයවන තැනත්, කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සරලා තෙරුණි පහුගල්ල හත්වන ස්ථානයත්, කොළඹ විශාඛා විද්‍යාලයේ ඉසුරු ඉඳුනිල් විජේසිංහ ගුණවර්ධන අටවන ස්ථානයත්, කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ නෙත්රාණි නවංජනා තිලකරත්න නව වන ස්ථානයත්, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සෂිනි කෞෂල්‍යා කුමාරසිංහ දහවන ස්ථානයත් හිමි කරගෙන තිබේ.
ඉංග්‍රිසි මාධ්‍යයෙන් කලා අංශයේ මුල් තැනට පැමිණ ඇත්තේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සරලා තෙරුණි හපුගල්ලය. දෙවැනි තැන විශාඛා විද්‍යාලයේ ඉසුරු ඉඳනිල් විජේසිංහ ගුණවර්ධන ය. මුල් ස්ථාන 10 අතුරින් ස්ථාන දෙකක් හිමි කරගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සහ කොළඹ විශාඛා විද්‍යාලය සමත් වී තිබේ.
භෞතික විද්‍යා විෂය ධාරාව
භෞතික විද්‍යා විෂය ධාරාවේ මුල් තැන කොළඹ ආනන්ද විද්‍යාලයටය. මුල් තැන ගන්නේ වික්‍රමසිංහ ආරච්චිගේ චිරත් නිරෝධය. දෙවැනි තැන හොරණ තක්ෂිලා විද්‍යාලයේ පමුදු තිසුම් ජනදීපය. සන්සල මිනිඳු පිටිදූව තෙවැනි තැනය. සන්සල මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ය.
කිංස්වුඩ් විද්‍යාලයේ අකිල චමෝද්‍ය බණ්ඩාර සිවුවන තැනත්, කොළඹ රාජකීය විද්‍යාලයේ ලහිරු පෙරේරා පස්වන තැනත්, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මොහොමඩ් නවුෂාඩ් අහමඩ් මුෂාබ් හයවන තැනත්, රණබිම රාජකීය විද්‍යාලයේ සෙනිඳු බණ්ඩාර සමරකෝන් හත්වන තැනත්, පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ මනදිත් පෙරේරා අටවන තැනත්, බණ්ඩාරවෙල මධ්‍යමහා විද්‍යාලයේ තමුදිත රූබසිංහ නව වන තැනත්, ඩීඑස් සේනානයක විද්‍යාලයේ ගීත් සසන්ත ගුණතිලක දසවන තැනත් හිමි කරගෙන ඇත.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ මුල් තැන කිංස්වුඩ් විද්‍යාලයේ සන්සල මිනිඳු පිටිදූවය. දෙවැනි තැන ඩී.එස් සේනානයක විද්‍යාලයේ අහමඩ් මුෂාබ් ය. මුල් ස්ථාන 10 තුළ ස්ථාන දෙකක් කිංස්වුඩ් විද්‍යාලයත් ස්ථාන දෙකක් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයත් හිමි කරගෙන තිබේ.
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ ලංකාවෙන් මුල් තැන හිමි කරගෙන ඇත්තී යෙහානි නවෝද්‍යා මුල්විලගේය. ඇය ගිනිගත්හේන මධ්‍යමහා විද්‍යාලයේ සිසුවියකි. එම විෂය ධාරාවේ ලංකාවේම දෙවැනි තැන මඩකලපුවටය. දෙවැනි තැනට පත් වන්නේ මඩකලපුව හින්දු විද්‍යාලයේ අහමඩ් යකීර් මොහමඩ් සෆ්වාන් ය. තුන්වන තැන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දසුන් අනුසර ජයවීරය. ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ දනිඳු සංජන සිවුවන තැනය. වීරකැටි රාජපක්ෂ විද්‍යාලයේ දිනෙත් තරුෂ දුල්මිණ පස්වන තැනය. මුල් ස්ථාන 05න් එකක්වත් කොළඹ දිස්ත්‍රික්කයට නැත.
හයවන තැන කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉරෝෂ ලක්ෂාන් පෙරේරාත්, හත්වන තැන මාතර රාහුල විද්‍යාලයේ ජනිඳු මල්ශාන් සහ අටවන තැන මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ චමෝදා දේවින්දි විජේවර්ධනත් හිමි කරගෙන තිබේ. නව වන ස්ථානය පුද්ගලික අපේක්ෂකයෙක් වූ කවිඳු ලක්ෂාන් දික්කුඹුරත්, දසවන තැන පේදුරුතුඩුව හාර්ටිලි විද්‍යාලයේ සෙල්වචන්ද්‍රන් ශ්‍රීමාන් වෙතත් හිමි වී තිබේ.
ඉංජිනේරු තාක්ෂණ විද්‍යා අංශයේ ප්රභාහත් තරු පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව තෙක් විහිදී සිටිති. එහි ස්ථාන දෙකක් හිමිකරගෙන ඇත්තේ මඩකලපුවේ සහ පේදුරුතුඩුවේ දෙමළ මාධ්‍ය සිසුන්ය. දෙමළ මාධ්‍යයෙන් මුල් තැනත් ලංකාවේ සමස්ථ දෙවැනි තැනත් හිමිකරගන්නා මඩකලපුවේ අහමඩ් ශකීර් මොහමඩ් සෆ්වාන් සහ දෙමළ මාධ්‍යයෙන් දෙවැනි තැනට පත්වන පේදුරු තුඩුවේ සෙල්වචන්ද්‍රන් ශ්‍රීමාන් දෙමළ මාධ්‍යය ඔසවා තැබූ විශිෂ්ටයන්ය. විශේෂත්වය වන්නේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යා අංශයේ දී කොළඹ දිස්ත්‍රික්කය සලකුණු වන්නේ පුංචියටය.
වාණිජ විෂය ධාරාව
වාණිජ විෂය ධාරාවෙන් ලංකාවෙන්ම මුල්තැනට පත්වන්නේ පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා ය. කුලියාපිටිය මධ්‍යමහා විද්‍යාලයේ සන්දීප සුගතසිරි දෙවැනි තැනය. කොළඹ විශාඛා විද්‍යාලයේ චමත්කා දම්සරි සේතුංග තුන්වන තැනය. වාණිජ විෂය ධාරාවේ සිව්වන තැනට පත්වන්නේ පුද්ගලික අපේක්ෂිකාවක වන රසාලි ඇන්ජලිනා ය. පස්වන තැන හොරණ තක්ෂිලා විද්‍යාලයේ පවනි සත්සරණි ය.
ගම්පහ රත්නාවලී විද්‍යාලයේ ගයාෂි හංසනී වික්‍රමආරච්චි හයවන තැනත්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හික්කඩුව ලියනගේ දිනුක හත්වන තැනත්, රුවන්වැල්ල රාජසිංහ මධ්‍යමහා විද්‍යාලයේ චතුරංග පද්මසිරි අටවන තැනත්, නාත්තන්ඩිය සම්මිස්සර විද්‍යාලයේ නිම්නා සමුදි නවවන තැනත්, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ චාතුර්යා දිසානායක දසවන තැනත් හිමි කරගෙන ඇත.
වාණිජ විෂය ධාරාවේ මුල් ස්ථාන 10න් දෙකක් ද ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය විසින් හිමි කරගෙන ඇත. මුල් ස්ථාන 10 අතුරින් ස්ථාන 03ක් වෙන් කරගෙන ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍ය අපේක්ෂකයන්ය. විශාඛා විද්‍යාලයේ චමත්කා දම්සරි සේතුංග ඉංග්‍රිසි මාධ්‍යයෙන් එම විෂය ධාරාවේ මුල් තැනය. රසාලි ඇන්ජලා ඉංග්‍රීසි මාධ්‍යයේ දෙවැනි තැනත්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හික්කඩුව ලියනගේ දිනුක ඉංග්‍රීසි මාධ්‍යයේ තුන්වන තැනත් හිමි කරගෙනය.
ජෛජෛව තාක්ෂණ පද්ධති තාක්ෂණවේදය විෂය ධාරව
ව තාක්ෂණ පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ලංකාවේ මුල් තැන දිනාගන්නේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුල සිහිල්දිය පල්ලියගුරු ය. දෙවැනි තැනත් තුන්වැනි තැනත් කොළඹ දේවී බාලිකා විද්‍යාලයටය. රෙෂානි තීශ්යා බුලත්සිංහල දෙවැනි තැනය. යෙහෙනි නෙත්‍යා පෙරේරා තෙවැනි තැනය. බණ්ඩාරවෙල විශාඛා බාලිකා මධ්‍යමහා විද්‍යාලයේ රශ්මි අයිශ්චර්යා ජයසේකර සිවුවන තැනට පත්ව ඇත.. දේවී බාලිකා විද්‍යාලයේ එසඳී සඳදහරා බමුණුආරච්චි පස්වන තැනය.
ජෛව තාක්ෂණ පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ හයවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තිලිනි චතුරිකා පතිරණත්, කැකුණගොල්ල මුස්ලිම් මධ්‍යමහා විද්‍යාලයේ හුසේන් ෆාරුක් ෆාතිමා අමානා හත්වන ස්ථානයත්, කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ සුපුනි තරිඳි විජේසිංහ අටවන ස්ථානයත්, පුද්ගලික අපේක්ෂිකාවකවන මුහම්මද් අසාර් අස්මා අයිමාන් නවවන ස්ථානයත්, කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ අමන්දි නෙත්මිණි දසවන ස්ථානයත් හිමි කරගෙන ඇත.
විශේෂත්වය වන්නේ ජෛව තාක්ෂණ පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ලංකාවේ මුල් ස්ථාන 10න් ස්ථාන පහක් වෙන් කරගැනීමට කොළඹ දේවී බාලිකා විද්‍යාලය සමත් වීමය. කැකුණගොල්ල මුස්ලිමි මධ්‍යමහා විද්‍යාලයේ හුසේන් ෆාරුක් ෆාතිමා අම්නා මෙම විෂය ධාරාවෙන් දෙමළ මාධ්‍යයෙන් ලංකාවේ මුල්තැන හිමි කරගෙන තිබේ. මුහම්මද් අසාර් අස්මා අයිමාන් දෙමළ මාධ්‍යයෙන් ලංකාවෙන් දෙවැනි තැනය.
ජෛව විද්‍යා විෂය ධාරව
ජෛව විද්‍යා විෂයධාරාවේ මුල් ස්ථාන තුනම දකුණු පළාතට ය. ලංකාවේ මුල් තැන ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සහන්මා උෂානි ලෙනෝරා ය. දෙවැනි තැන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශමික සේනාරත්නය. තුන්වැනි තැන මාතර සුජාතා විද්‍යාලයේ දිනිති දක්ෂිණා රාජපක්ෂය. සිවුවන තැන බේරුවල සෑම් රිෆායි හජ්යාර් මහා විද්‍යාලයේ කම්සුල් ෆයිසාර් ෆාතිමා නිශ්ලාය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නිසල් හරින්ද උඩවත්ත පස්වන ස්ථානයේ ය.
ජෛව විද්‍යා විෂයධාරාවේ හවන තැන කොළඹ රාජකීය විද්‍යාලයටය. හත්වන ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ කවිඳු නෙත්සරය. අටවන තැන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෙතාසා රුවන්මි විජයසූරිය ය. යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ තරංගා කුකුදාස් නවවන තැනත්, මාතර සුජාතා විද්‍යාලයේ සෙනුල්යා කිසස්නී සමරවික්‍රම දසවන තැනත් හිමිකරගෙන තිබේ.
ජෛව විද්‍යා විෂය ධාරාවේ ලංකාවේ මුල් ස්ථාන දහයෙන් දෙකක් මාතර රාහුල විද්‍යාලයට හිමි වී ඇත. රාජකීය විද්‍යාලයේ මොහොමඩ් ෂම්මි මොහොමඩ් ෂාෆි මෙම විෂය ධාරාවේ ඉංග්‍රීසි මාධ්‍යයේ මුල් තැනත්, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෙතාසා රුවන්මි විජයසූරිය ඉංග්‍රීසි මාධ්‍යයේ දෙවැනි තැනත්, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ තරංගා කුගදාස් ඉංග්‍රීසි මාධ්‍යයේ තුන්වැනි තැනත් හිමි කරගෛන තිබේ.
බේරුවල සෑම් රිෆායි හජ්ජියාර් මහා විද්‍යාලයේ කම්සුල් ෆයිසාර් ෆාතිමා නිශ්ලා දෙමළ මාධ්‍යයේ මුල් තැනය.
ගම්රපහ ත්නාවලිය ද? කොලඹ දේවී බාලිකාව ද?
සමස්ථ ඉහළම ප්‍රතිඵල සරල විමසීමකදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය විෂය ධාරාවන් හය අතුරින් මුල් දස දෙනා අතර ස්ථාන පහක් හිමිකරගෙන ඇති අයුරුය. කලා විෂය ධාරාවේ ස්ථාන 02ක්, වාණිජ විෂය ධාරාවේ ස්ථාන් 2ක් සහ ජෛව තාක්ෂණ විෂය ධාරාවේ ස්ථානයක් ගම්පහ රත්නාවලී බාලිකාවට හිමි වී තිබේ.
කොළඹ දේවී බාලිකා විද්‍යාලයත් ඒ අයුරින්ම ස්ථාන 05ක් හිමි කරගෙන ඇත. නමුත් ඒ ස්ථාන පහම ඔවුන් හිමි කරගන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂ්‍ය ධාරාවෙනි.
සමස්ථ ප්‍රතිඵලයෙන් මුල් ස්ථාන 10 අතරට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අවස්ථා තුනක දී පැමිණ තිබේ.
කොළඹ විශාඛා විද්‍යාලයට සමස්ථ ප්රතිඵළයෙන් මුල් ස්ථාන 10 තුලට පැමිණෙන්නේ අවස්ථා 02ක දී පමණි. කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, ඩී.එස්.සේනානායක විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලයත් එසේය.
මේ ප්‍රතිඵලය අපට යළිත් කල්පනා කරන්නට දෙයක් ඉතිරි කරන්නේය. එය සබුද්ධිකව කියැවීම ඔබට බාරය.







