අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් කෝටි දස දහසක බදු වංචා කළ RMV නිලධාරීන් ඇතුළු වාහන ආයනයකරුවන් වහාම අත් අඩංගුවට ගන්න… අධිකරණයෙන් නියෝගයක්!

by editor
ජූනි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රජයට අය විය යුතු බදු මුදල් රුපියල් කෝටි දහසකට (බිලියන 10කට) අධික මුදලක් අහිමි කරමින් රුපියල් කෝටි ගණනක වටිනාකමිකන් යුත් වාහන නීති විරෝධිව මෙරටට ආනනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඒ වාහන නීති විරෝධිව ආනයනය කළ සියලු පුද්ගලයන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට ඊයේ (31) නියෝග කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියට නිති විරෝධී ලෙස දත්ත ඇතුළත් කළ මෙන්ම, එම වාහන ලියාපදිංචිය සිදු කළ නිලධාරීන් සහ මේ වාහන නිතී විරෝධිව ආනයනය කළ සියලු අය එලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරිණි.

ශ්‍රී ලංකා රජයට අයවිය යුතු රුපියල් මිලියන 300කට අධික බදු මුදලක් අහිමි කරමින් මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි 10ක් වටිනා සුඛෝපභෝගී ජීප් රථ හයක් අත්අඩංගුවට ගෙන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාර දෙන ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට ඊයේ (31) අධිකරණයෙන් නියෝග නිකුත් විණි.

මේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මේ කරුණු ඉදිරිපත් විණී.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පැමිණීල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසම සඳහන් කළේ නීති විරෝධී අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරන් කිහිප දෙනකුද සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වී ඇති බවයි.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය නොවූ මිට්ෂුබිෂි වර්ගයේ ජීප් රථය තුනක් සහ ටොයෝටා වර්ගයේ ජීප්රථ තුනක් සඳහාය.

මේ මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේදී 235 වන අධිකාරියේ රේගු ආඥා පනෙත් 136 සහ 137 වැනි වගන්ති සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මේ වන විට සිවිල් පුද්ගලයන් භාරයේ ඇති අදාළ වාහන ශ්‍රී ලංකා රේගුව භාරයට ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි එම කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

මේ වාහන හය මේ වන විට ගාල්ල, අවිස්සාවේල්ල, කුරුවිට, ත්‍රිකුණාමලය සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් කිහිප දෙනකු සතුව පවතින බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සුඛෝප­භෝගී වාහන මෙරටට ගෙන්වීමේදී ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය කටයුතු සිදු නොවීමෙන් ලංකා රජයට මේ මුදල අහිමි කර දූෂණයක් සිදු කර ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ත කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසිනි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකොට මෙරටට ගෙන්වා ඇති මෙම එක් වාහනයක් නිෂ්කාශනය කර ඇත්තේ වෙනත් භාණ්ඩ ගෙන්වන මුවාවෙන් බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකොට සුඛෝපභෝගී වාහන 200ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවට මේ වන විට විමර්ශනවලදී තහවුරු වී එම ඒකකය ඉකුත් 2023 වසරේ දෙසැම්බර් 8 දා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

මේ අතර, ත්‍රිරෝද රථයක දත්ත ඉවත් කර ඒ වෙනුවට ‘මිනිකූපර්‘ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචියෙන් රජයට බදු මුදල් අහිමි කර අල්ලස් පනතේ ‘දූෂණය‘ නම් වරද සිදු කළ බවට චෝදනා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනකු ඇතුළු හත් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ ඉකුත් දෙසැම්බර් 22 දාය.

මෙලෙස අධි චෝදනා ගොනු කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක වැඩසටහන් සම්පාදක කුකුළේ කංකානම්ලාගේ රෝහිත සමරවීර, එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහ පර්යේෂණ හිටපු කොමසාරිස් උදියාවත්ත, දඹදෙණියේ පදිංචි කළුදේවගේ බන්දුල ජයසිංහ, එහි විමර්ශන සහකාරවරුන් වන කදවල, කටානේ පදිංචි නිතීඥ මුණසිංහ ආරච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, රෆායල් වත්ත, යක්කල පදිංචි මුත්තුංග මුදියන්සේලාගේ කේමන්ත මුත්තුංග, එම දෙපාර්තමේත්තුවේ ලිපිකරු පටිපන උතුර හෝමාගම පදිංචි නෙරළුව ගමගේ චන්න රෝහිත, මීගමුව පාර මැටියගනේ ලිපිනයැති රන්දි මෝටර්ස් හිමිකරු දිසානායක මුදියන්සේලාගේ ධර්මරත්න බණ්ඩා සහ කොළොන්යායවත්ත මැටියගනේ පදිංචි වලිසුන්දර මුදියන්සේලාගේ අජිත් කුමාර වලිසුන්දර යන අයටය.  (නිමන්ති රණසිංහ  – දිනමිණ )

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවැනි පුහුණු තරගයෙන් ලංකාව දිනුම්….

Next Post

උසස් පෙළ ප්‍රතිඵලය හොඳින් කියවන්න!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.