පසුගිය උසස් පෙළ විභාගයේ විවිධ හේතුමත ප්‍රතිපල අත්හිටවු සිසුන් 456ක ගේ ප්‍රතිපල විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන දිනයවන මැයි මස 29 වැනිදාට පෙර නිකුත් කිරිමට අයදුම්පත් භාර ගැනීමට නියම කර ඇති අවසන් දිනය වෙනස් කිරීමට කටයුතු කරන බව අගමැතිනිය සහ උසස් අධ්‍යාපන ඇමතිනී ආචාරය හරිනී අමරසූරිය අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව පැවසුවාය.
මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ප්‍රතිඵළ අත් හිටවූ සිසුන් විභාග දෙපාර්තමේන්තුවට කැඳවා අවශ්‍ය පරීක්ෂණ කර ඇති නමුත් මේ වනතුරුත් ප්‍රතිඵල නිකුත්වී නැති බවත් සරසවි ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගන්නා අවසන් දිනයට තව සතියකට ආසන්න කාලයක් පමණක් ඉතිරි වී ඇති බැවින් මෙම සිසුන්ගේ ජීවිතවලට අසාධාරණයක් විය හැකි බවත්ය.
වහාම මේ සම්බන්ධව සොයා බලන්නට තමන් මැදිහත්වන බව අගමැතිවරිය පැවසුවාය.







