ජනාධිපති මන්දිරයට තබා කොළඹ නගරයේ සීමාවෙන් මෙපිටට කිසිම පුද්ගලයෙක් ඇතුළු වීම වැළැක්වීම සඳහා බලය පාවිච්චි කරන ලෙස බලපෑම් කරමින් ඊයේ ( 09) සිට පොලිසිය මෙහෙයවූ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැන් සම්බන්ධ කරගැනීමට නොහැකි බව කොළඹ විශේෂ රාජකාරි සඳහා කැඳවූ පොලිසියේ උසස් නිලධාරීහු පවසති.
පොලිස් ඇඳිරි නීතිය දැමීමට පොලිස්පතිට බලපෑම් කිරීම සඳහා පොලිසිය භාර ඇමතිවරයා හා එක්ව කටයුතු කළ බවට ඔහුට පොලිසියෙන්ම චෝදනා එල්ල වී තිබේ. අනතුරුව ඔහු මෙම ජනතා විරෝධය බලය යොදා පාලනය කරන සේ අණ දී තිබුණු බව වාර්තා වේ. එහෙත් භූමියේ සිටි නිලධාරීන් වෙඩි තබා ජනතාව පාලනය කිරීම සඳහා වූ අණ පිලිපැද්දේ නැත.
මේ වනවිට තමන්ට අවශ්‍ය ඉදිරි උපදෙස් ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට නොහැකි බවත් ඔහු සිය දුරකථන විසන්ධි කරගෙන සිටින බවත්, ඔහු ඉන්නා තැනක් පිලිබඳ තොාරතුරක් තමන් නොදන්නා බවත් විශේෂ රාජකාරි සඳහා කැඳවූ පොලිස් නිලධාරීහු පවසති.







