සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උන් හිටි තැන් අත්හැර ගොස් අල්ලස් කොමිසමට වෛද්‍ය වාර්තා වෙනුවට බෙහෙත් තුන්ඩු ඉදිරිපත් කළ රාජිතට වෙච්චි වැඩේ!

by editor
අගෝස්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කිරින්ද ධීවර වරායේ රාජිතගේ වැලි කෙළිය දැන් පත්තු වී තිබේ. මේ වනවිට හිටපු ඇමතිවරයා ලොවෙත් නැත. හැංගී ඉන්න තැනකින් හොයා ගන්නට අපරාධ විමර්ශන නිලධාරීන්ට ද තවමත් පුලුවන් වී නැත. කෙරුමෙක් උසාවියට ගෙන්නා ගන්නට යන විට විමර්ශන අංශවලට අප්‍රමාණ ගැහැට විඳන්නට සිදුවන්නේය. ගමේ අපට දාන තග දාන්නට බැරිය. උන් උසාවියට ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය මල නොතලා රොන් ගන්නා ආකාරයටය.

දිගින් දිගටම අල්ලස් කොමිසම මග හරිමින් සිටින රාජිතට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතිසි නිකුත් කරන්නේ ඒ අතරය. ඒ අගෝස්තු 29 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමිනි.

අල්ලස් කොමිසම විසින් මෝසමක් ගොනුකරමින් සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග එම නොතීසි නිකුත් කරනු ලැබුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 61 වගන්තිය ප්‍රකාරවය.

අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූ තර්කය

මෝසම කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චිය. ඇය පෙන්වා දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 61 වගන්තිය ප්‍රකාරව නියෝගයක් ලබා ගැනීමට අවශ්‍ය නම් සාක්ෂි මෙහෙයවීමක් සිදුකළ යුතු බවය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

එබැවින් කිරින්ද ධීවර වරායේ වැලිගොව්වා ධීවර නෞකාව යොදා ගනිමින් සිදුකරන ලද අවිධිමත් ව්‍යාපෘතිය සම්බන්ධව විමර්ශනය සිදුකරන විමර්ශන නිලධාරන් දෙදෙනා සාක්ෂි ලබා ගැනමට කැඳවන බව ඇය අධිකරණය හමුවේ කියා සිටියාය.

ඒ අනුව අල්ලස් කොමිසමේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පිරීක්ෂක තුෂාර සම්පත් පුෂ්පකුමාර සහ එම අංශයේ පොලිස් පරික්ෂක එම් විමරලරත්න යන අයගෙන් සාක්ෂි ලබා ගැනීම සිදුකළේය. ඔවුන් සාක්ෂි ලබා දෙමින් පැවසුවේ සිද්ධියට අදාලව ලද නිර්ණාමික පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බවය.

රජයට පාඩුව රුපියල් ලක්ෂ 262යි.

මෙම විමර්ශනයෙන් කිරින්ද ධීවර වරාය තුළ සිදුවූ එම අවිධිමත් ව්‍යාපෘතිය හේතුවෙන් රුපියල් ලක්ෂ 262ක මුදලක් ලංකා රජයට පාඩු වී ඇති බවට අනාවරණය වූ බව ද එම නිලධාරීහු කියා සිටියහ.

ඔවුන් සඳහන් කළේ මූලික විමර්ශනවලින් පසුව සිද්ධියේ සැකකරුවන් ලෙස ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එවකට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න නම් කළ බවය.

අදාල සිද්ධියේ පළමුවෙනි සැකකරුවන උපාලි ලියනගේ අත් අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ නියෝග අනුව ඇප මත මුදා හැර තිබිණි. දෙවැනි සැකකරුවන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම මග හරිමින් සිටින බව විමර්ශන අංශ අද අධිකරණයට කීවේය.

ඔවුන් පැවසුවේ හිටපු අමාත්‍යවරයාට පසුගිය අගොස්තු 07 වැනිදා කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නොතීසි නිකුත් කර තිබුණ ද ඔහු කොමිසම හමුවේ පෙනී නොසිටි බවය.

සැකකාර හිටපු අමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී නොසිටිමින් ඔහුගේ නීතිඥවරයෙක් ලවා අසනීප බව දක්වමින් වෛද්‍ය වාර්තාවක් වෙනුවට අල්ලස් හෝ දූෂණ කොමිසමට ඖෂධ වාර්තාවක් යොමු කර ඇති බව ද නිලධාරීහු අධිකරණයට හෙළි කළහ.

විමර්ශන නිලධාරින් කියා සිටියේ අල්ලස් කොමිසම හමුවේ දිගින් දිගටම පෙනී සිටිම මගහරිමින් සිටින හිටපු අමාත්‍යවරයා සොයා ගැනීම සඳහා සෝදිසි වරෙන්තු ද ලබා ගැනීමට සිදුවූ බවය.

සෝදිසි වරෙන්තු ප්‍රකාරව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් ඇමතිවරයා සිටිනු ඇතැයි විශ්වාස කළ ස්ථාන පහක් පරීක්ෂා කළ ද ඔහු එම ස්ථානවල නොසිටි බව ද ඔවුහු අධිකරණයට කරුණු ගොනු කළහ.

ඔවුන් පෙන්වා දුන්නේ සැකකාර ඇමතිවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකිවීම මත අවසන් අදියරේ ඇති විමර්ශනයේ කටයුතු අඩාල වී ඇති බවය.
එබැවින් සැකකාර හිටපු ඇමතිවරයාට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 61 වගන්තිය ප්‍රකාරව ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් විමර්ශන නිලධාරීහු අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දුන්හ.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රාජිත සේනාරත්නට ලබන 29 වැනි දින අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළාය. රට බලා සිටින්නේ 29 වැනිදා රාජිත කරන්නට යන දේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තැපැල් වර්ජනය හේතුවෙන් තැපෑලට දිනක පාඩුව රුපියල් මිලියන 35 පනී….

Next Post

නිධාන් හෑරූ DIG බිරිය සම්බන්ධ සිද්ධියේ ඉදිරි විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ගලවා CID ට…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.