අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක් තුළ නියෝජ්‍ය පෙලිස්පතිවරයකුගේ බිරිදක ඇතුලු සැකකරුවන් පිරිසක් නිදන් වස්තූන් ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීම සම්බන්ධ සියලු විමර්ශන වහාම අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තමින්තුවට පවරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් ජයවීරට අද (20) නියෝග කළේය.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරියට මෙසේ නියෝග කළේ මෙම නිදන් හෑරීමේ සිද්ධියට අදාළ නඩුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් යළි කැඳවා අධිකරණයට කළ විශේෂ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.
මෙම සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරික්ෂා කර බලා ඊට අදාළ පුරා විද්‍යා වාර්තාව ෆැක්ස් මගින් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කරනු ලැබීය.
මෙම නිදන් හෑරීමේ සිද්ධියට අදාළව දැනට බන්දධනාගාර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරියක ඇතුලු සැකකරුවන්ගෙන් අනුරාධපුර බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ලබා දෙන ලෙසත් ඊට අවශ්‍ය පහසුකම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සලසා දෙන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලකට තවදුරටත් නියෝග කෙරිණ. ( උපාලි ආනන්ද – ලංකාදීප)







