බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උන් රට බංකොළොත් කළා තමයි… විගණනය හෙළි කරන විදිහට රට බංකොලොත් වුනේ මෙහෙමයි!

by editor
නොවැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  •  භෞතික වත්කම් ඉදිකිරිම හෝ මිලදි ගැනිම, සහ වෙනත් ආයෝජන  අත්පත්කරගැනිම් සඳහා  වියදම් කළ රුපියල් බිලියන 5530ක  වත්කම්වලට සිද්ධ වෙච්චි දෙයක් නෑ…

  •  ගෙවිමට ඇති   විදේශ ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන  36.3ක්.

  • විදේශිය ව්‍යාපෘති  ණය වශයෙන්  රුපියල් බිලියන 3,764,.3ක මුදලක් අරගෙන. ව්‍යාපෘතිවල ඵලදායිතාවයක් නැහැ.

  •  ජාතික භෞතික සැලසුම්වලට අනුකුල නොවන  විධිමත් ශක්‍යතා අධ්‍යයන වලින් තොරව  සිදුකරණු ලැබු ඉදිකිරිම් ක්‍රියාවලින් රට බංකොලොත් විමට ප්‍රධාන හේතුවක්.

  •  ණය ගිවිසුම් 08කට අදාලව  මිලියන 311,191 විදේශණය වටිනාකම  රජයේ මුල්‍ය ප්‍රකාශණවලින් මුළුමනින්ම ඉවත්කරලා.

  • බදු සංශෝධනය නිසා  රජයට අහිමිවි ඇති බදු ආදායම රුපියල් බිලියන 500ක්.

රටතුල සිදුවු ආර්ථික  පරිහානියට  හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන්වන මහින්ද රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ, යන මහත්වරුන්  ඇතුළු පිරිසක් වගකිවයුතු බවට ශ්‍රේෂඨාධිකරණය විසින්  තින්දුකරණු ලැබිය. මහාභාණ්ඩාගාරයේ හිටපු ලේකම්වරුන් වන ආචාර්ය පි.බි ජයසුන්දර, එස් ආර් ආටිගල, මහබැංකුවේ හිටපු අධිපතිවරුන්වන  ඩබ්ලිව් ඩි ලක්ෂමන්, අජිත් නිවාඩ් කබ්රාල්, සේවක ආර්ථසාධක අරමුදලේ නියෝජිතයකු වන සමන් කුමාර, ශ්‍රිලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය  ආර්ථික පරිහානියට වගකිවයුතු සෙසු පුද්ගලයින් බවට  ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුකරණු  ලැබිය. 

මෙය ඓතිහාසික නඩු  තින්දුවකි.

අද වනවිට ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව ඇත. තමන්ට ලැබි ඇත්තේ බංකොලොත්වු රටක් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කියයි. රටේ සෑම ක්ෂේත්‍රයක්ම දැඩි කඩා වැටිමටකට ලක්ව ඇත.   ජනතාව ජිවන බරින් මිරිකී සිටිති.   

ශ්‍රි ලංකා මහබැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවකට අනුව  මෙම වර්ෂයේ අප්‍රේල් මස  30වැනිදින වනවිට  ආපසු ගෙවිමට එකතුව තිබු  විදේශිය ණය ප්‍රමාණය   ඇමරිකානු ඩොලර් බිලියන  36.3කි. එමෙන්ම  2022 වර්ෂයේ  අප්‍රේල් මස 12 වැනිදින සිට  මෙම වර්ෂයේ අප්‍රේල් මස අවසානය දක්වා  නොපියවා ඇති ණය වාරික ප්‍රමාණයේ වටිනාකම  ඩොලර් මිලියන 3691කි. ඒ සදහා පොලි මුදල ඩොලර් මිලියන  1301කි. මෙම සංඛ්‍යා ලේඛනවලින් ලබාගෙන   ඇති විදේශිය ණය ප්‍රමාණයේ තරම ඉතා හොදින් පැහැදිලි වන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 ව්‍යාපෘති ණය

එමෙන්ම 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට  විදේශිය ව්‍යාපෘති  ණය වශයෙන්  රුපියල් බිලියන 3,764,.3ක මුදලක් ලබාගෙන තිබුණි.  මෙකි මුදල් යොදවා ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති අතරමග නතරවි ඇත.  ඇතැම් ව්‍යාපෘතිවල කිසිදු ඵලදායිතාවයක් නොමැති අතර   බොහෝ ව්‍යාපෘති වංචා හා දුෂණ වලින් පිරි ඇත්තේය.  

මෙරට මහාපරිමාන සංවර්ධන  ව්‍යාපෘති වලින් සියයට 73ක්  සදහාම සිදුකළ ආයෝජනයන්  පලදායි අයුරින් උපයෝජනය වි නොමැති බවට ව්‍යාපෘති කළමණාකරණ හා  අධික්ෂණ දේපාර්තමේන්තුව සඳහන්  කරන්නේය. මෙකි ව්‍යාපෘති බෝහොමයක්  කාලින අවශ්‍යතාවයන් හදුනාගෙන ක්‍රියාත්මක කරණ ව්‍යාපෘති වේ. එහෙත් එකී ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාදවිම තුළ    ව්‍යාපෘතිවල සංවර්ධන ප්‍රතිලාභ  ඉලක්කගත ප්‍රජාවට  භුක්තිවිදිමේ අවස්ථාව  ඇහිරිගොස් තිබුණි. 

ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාදවිම නිසා    ව්‍යාපෘති මගින් ප්‍රතිලාභින්ට ලැබිමට ඇති පලදායිතාවයද  හිනවි තිබුණි.  මෙම පසුගාමි තත්වය සදහා  පසුගිය කාලය තුළ  රටේ පැවති  අවිනිශචිත භාවය පමණක් නොව  අදාල ව්‍යාපෘතිවල  ප්‍රතිඵල කාලීනව ජනිතකර ගැනීමට  අදාල අමාත්‍යංශයේ සෘජු වගකිමක් ලෙස නොසැලකීමද මේ සදහා  හේතුවි තිබුණි.

එමෙන්ම  ආර්ථික ස්ථායිකරණයට අදාල  කෙටි හා මධ්‍යකාලින  වැඩසටහන් හඳුනාගැනිම සඳහා වු  ජාතික අනුකාරක සභාව මගින් නිකුත්කොට ඇති වාර්තාවට අනුව  ජාතික භෞතික සැලසුම්වලට අනුකුල නොවන  විධිමත් ශඛ්‍යතා   අධ්‍යයනවලින් තොරව  සිදුකරනු ලැබු ඉදිකිරිම් ක්‍රියාවලින්  රටේ  ඇතිවු බංකොලොත් භාවයට ප්‍රධාන හේතුවක් ලෙස  හදුනාගෙන තිබුණි. 

මෙකි අනුකාරක සභාව විසින් ඉදිරියේ දි  මෙවැනි  කටයුතු වැලැක්විම සදහා ගතයුතු නිර්දේශ ද සදහන් කොට තිබුණි. වගවිම පිළිබද  වගන්තියක්  සියලු ආයතනවල නිති පද්ධතියට එක් කිරිම, ජාතික භෞතික සැලසුමට පටහැනි මහාපරිමාන ව්‍යාපෘති දියත් කිරිම  නිතියෙන් තහනම් කිරිම, ස්වාධින  බලාත්මක ප්‍රසම්පාදන කොමිසම් සභාවක් ස්ථාපිත කිරිම, තරගකාරි  ටෙන්ඩර් පටිපාටියට පිටතින්  කිසිදු ආකාරයක ඉදිකිරිම්, ටෙන්ඩර් පිරිනැමිම නිතියෙන්  නතරකිරිම  ආදි නිර්දේශ  මෙකී අනුකාරක සභාව මගින් ඉදිරිපත් කොට තිබුණි.

රාජ්‍ය ණය ගිනුම්ගත කිරිම

තවද විවිධ ආයෝජන ,භෞතික වත්කම් මිලදි ගැනිම සදහා  රජය විසින් බිලියන ට්‍රිලියන ගණනින්  මුදල් පසුගිය කාලයේ යොදවා තිබුණි.  එහෙත්  රජය විසින් ලබාගන්නා  දේශිය හා විදේශිය ණය  රටේ තිරසාර  සංවර්ධනය අරමුණු කරගෙන  කළමනාකරණය කර නැත. එම ණය උපයෝගි කරගෙන සිදුකරණු ලබන රාජ්‍ය ආයෝජනවල පලදායිත්වය පිළිබදවද ඇත්තේ බරපතල ගැටලුවකි. එමෙන්ම රටේ මුල්‍ය තත්ත්වය ඉහළ  නැන්වෙන පරිදි එම මුදල් යොදාගෙන නොමැති බවට  විවිධ පාර්ශව වලින් දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් පැවතුණි.  තවද  රටේ සමස්ත  රාජ්‍ය ණය වටිනාකම ගිණුම්ගත කර නිසි පරිදි  වාර්තාගත නැති  බව ද විගණනය මගින් ද අනාවරණය කොට ඇත.

 ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවට අනුව රජයේ මුල්‍ය ප්‍රකාශවල  ඉකුත් වසර 16 තුළදි  භෞතික වත්කම් ඉදිකිරිම හෝ මිලදි ගැනිම, සහ වෙනත් ආයෝජන  අත්පත්කරගැනිම් ලෙස රුපියල් බිලියන 8199 මුදලක් දක්වා තිබුනි.  ඉන් රුපියල් බිලියන 5530ක් හෙවත් සියයට 67ක් වටිනා  වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කරනොතිබු බව  එම විගණන වාර්තාවේ සඳහන් වේ. 

එසේ නම මෙම වත්කම්වලට සිදුවුයේ කුමක්ද යන්න  ගැටළුවකි. 

2005 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා  කාල පරාසය තුළ රජයේ මුල්‍ය ප්‍රකාශනවල මුල්‍ය නොවන වත්කම්  ගිණුම්ගතකර නොතිබු අතර  එය 2015 වර්ෂයේ  සිට ගිණුම්ගත කිරිම ආරම්භකර තිබුණි.  2015 වර්ෂයේ සිට  වත්කම් ගිණුම්ගත කිරිම ආරම්භ කළද  මුදල් ප්‍රකාශවල සඳහන්කොට තිබු භෞතික වත්කම්  ඉදිකිරිම් හෝ මිලදි ගැනිම් හෝ වෙනත් ආයෝජන  අත්පත්කරගැනිම්වල   එකතුවු   රුපියල් බිලියන 8199කින්  රුපියල් බිලියන 5530  හෙවත්  සියයට  67කින්  වටිනා වත්කම් හදුනාගෙන ගිණුම්ගත කිරිමට  අපොහොසත්වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

කෙසේවුවද 2021 මුල්‍ය තත්ත්වය පිළිබද ප්‍රකාශයේ  මුල්‍ය නොවන වත්කම් වශයෙන්  ඉන් රුපියල් බිලියන 1,850ක පමණ මුදලක් වත්කම් ලෙස හදුනාගෙන  ගිණුම්ගත කරතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

එමෙන්ම  ඇතැස් ණය හා ප්‍රදාන වලින් ආයෝජනයන් සිදු නොකර පුනරාවර්තන වියදම් පියවා ගැනිම සඳහා එම මුදල් යොදවා තිබුණි. එකි මුදල්  2019 වර්ෂයේ දි  සියයට 20.23කින්ද, 2020 වර්ෂයේ දි සියයට 45.59කින්ද, 2021 වර්ෂයේ දි සියයට 42.41කින්ද  උපයෝජනය කරතිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.

විදේශ ණයවල නිරවද්‍යතාවය මහබැංකුවෙනුත් තහවුරු කරගෙන නෑ… 

 විදේශණය පිළිබද තොරතුරුවල නිවරදිතාවය  ශ්‍රි ලංකා මහ බැංකුව විසින් කිසියම් ආකාරයකින්  තහවුරුකරගන්නා ආකාරය විගණනයේ දි නිරික්ෂණය නොවන බවක් මෙම වාර්තාවේ සඳහන් වේ.   රජයේ මුල්‍ය ප්‍රකාශනවල  දැක්වෙන ඇතැම් තොරතුරු  සහ   මහ බැංකු වාර්තා අනුව දැක්වෙන ඇතැම් ණය  වර්ගයන් අතර ද වෙනස්කම් පවතින බව විගණන වාර්තාවේ සදහන් වේ. මේ හේතුවෙන් රජයේ සමස්ත ණය පිළිබද  නිවැරදි තොරතුරු ඉදිරිපත් නොවන බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. කෙසේවුවද රජය මගින් පසුගිය කාලයේ  දිගින් දිගටම ණය ලබා ගැනිම හේතුවෙන්  2021 වර්ෂයේ දි ඒක පුද්ගල ණය ප්‍රමාණය සියයට  257කින් වර්ධනය වි ඇත.

බිලියන ගණන් රජයේ මූල්‍ය ප්‍රකාශනවලිනුත් ඉවත් කරලා

අනික් කාරණය වන්නේ  මුල්‍ය ප්‍රකාශනවල  ඇතුළත් විදේශිය ණය ගිණුම්ගත කිරිම සදහා  සුදුසු ක්‍රමවේදයක්  හදුන්වා දි නොතිබිමය. 2021 වර්ෂය වන විට ගිණුම්ගත  නොකළ විදේශ ණය වල වටිනාකම  රුපියල් මිලියන 16,883.6කි. ඇතැම් විදේශණය ගිණුම්ගත නොකිරිම දිගින් දිගටම සිදුවි ඇත. 2021 වර්ෂයේ  දෙසැම්බර් 31 දිනට අදාල  ණය ගිවිසුම් 08කට අදාලව  මිලියන 311,191 විදේශ ණය වටිනාකම  රජයේ මුල්‍ය ප්‍රකාශණවලින් මුළුමනින්ම ඉවත්කොට තිබුණි.

 එමෙන්ම  ඇතැම් ව්‍යාපෘති සදහා ලබා ගන්නා ණය ගෙවිමේ වගකිම පවරා තිබුණේ එකි ව්‍යාපෘති  සඳහා කිසිදු සම්බන්දතාවයක් නොමැති ආයතන සදහාය. උදාහරණයක් වශයෙන් ගතහොත් හම්බන්තොට වරාය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුවේ අතිරේඛ වැඩ යටතේ  සුරියවැව ජාත්‍යන්තර්  ක්‍රිකට්  ක්‍රිඩාංගනය ඉදිකිරිම වෙනුවෙන්  කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු වු හිග මුදල  රුපියල් බිලියන 3.9කි. එම මුදල ගෙවිම සදහා  ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් මහජන බැංකුවෙන් ණය ලබාගෙන තිබුණි. අමාත්‍ය මණ්ඩලය විසින් එකි ණය මුදල හා පොලිය ගෙවිම සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත භාරදි තිබුණි.  

එමෙන්ම  රජය විසින් 2019 වර්ෂයේ අගභාගයේ සිට ප්‍රධාන බදු සංශෝධන කිහිපයක් සිදුකරණු ලැබිය. ව්‍යපාර හා පුද්ගලික බදු අඩුකිරිම තුළින් රජය බලාපොරොත්තු වුයේ  ආර්ථික ක්‍රියාකාරකම් යළි නගා සිටුවා ඒක පුද්ගල ආදායම ඉහල නැංවිමටය. එහෙත් මින් ව්‍යවසායකයින්ට හෝ ජනතාවට ඇතිවු සෙතක් නැත. මෙම  බදු සහන මගින් වාසි ලබාගනු ලැබුවේ  ගජමිතුරු ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු විසිනි.

අත්තනෝමතික බදු සංශෝධන

රටේ බංකොලොත්භාවය ඇතිවිමට  මෙකි බදු  සංශෝධනද හේතුවි තිබුණි. බදු සංශෝධනය නිසා  රජයට අහිමිවි ඇති බදු ආදායම රුපියල් බිලියන 500කි. මෙකි බදු  සහන පැකේජය  විචක්ෂණශිලි  තිරණයක්ද යන්නත්  ඒ තුළින් බලාපොරොත්තු වු  අරමුණු  කෙතෙක් දුරට ඉටුවි ඇද්ද යන්න පිළිබද  සහ ඒ තුලින ආර්ථිකයට ඇතිවු බලපැම පිළිබද නැවත සමාලෝචනය කර  සුදුසු පියවර නිර්දේශ කිරිම සදහා  විශේෂඥ කමිටුවක්  පත්කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

රජය මගින්  රටේ  ඇතිවු මුල්‍ය බංකොලොත්භාවයට හේතු පරික්ෂාකර  පාර්ලිමේන්තුවට වාර්තා කිරිමට හා ඒ පිළිබද  යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරිම සදහා  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරණු ලැබිය. එම විශේෂ කාරක සභාව   හමුවට   විගණකාධිපති  ඩබ්ලිව්.පි.සි වික්‍රමරත්න    ද  පසුගියදා කැදවා තිබුණි. මුල්‍ය බංකොලොත්භාවය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ  වෙත ඉදිරිපත්කොට තිබු මුලික අයිතිවාසිකම්  පිළිබද නඩුකරයකට අදාලව  මේ සම්බන්දයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විගණකාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් නියෝගකොට තිබුණි.

 රජය විසින් ජාත්‍යන්තර් මුල්‍ය අරමුදලේ පහසුකම් ලබාගැනිමට  ප්‍රමාද වුනාද යන්න කාරණය සම්බන්දව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රිලංකා රුපියලේ වටිනාකම  රුපියල් 203ක් හෝ ඊට ආසන්නව පවත්වාගෙන යාම සදහා  මුදල් මණ්ඩලය විසින් ගනු ලැබු තිරණ හා එයට අදාල විගණන පරික්ෂණ වාර්තා ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විගණකාධිපතිවරයා වෙත  නියෝගකොට තිබුණි.

එමෙන්ම 2022.01.18 වැනිදින ඩොලර් මිලියන 500ක් වටිනාකම් ඇති  ජාත්‍යන්තර්  ‍ස්වෛරිත්ව බැදුම්කර පියවිමට අදාල විගණන නිරික්ෂණ ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනය මගින් නියෝගකොට තිබුණි

විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය

මේ සම්බන්දයෙන් විගණකාධිපතිවරයා විසින්  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මෙසේ කිවේය

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා වගකියන්නේ  පාර්ලිමේන්තුවට. විගණකාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට බැඳිලා ඉන්නවා මිසක්  වෙනත් ආයතනවලට බැඳිලා නැහැ.  මේ සඳහා  නිතිපතිවරයා  කැඳවා සාකච්ඡාකරලා මැදිහත් වෙන්න කියලා කථානායකවරයා දැනුවත් කිරිමට මා විසින් කටයුතු කළා. නමුත් ඒ පිළිබද තින්දුවක්  ලැබුණේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් වශයෙන් දැනුම් දුන්නා අදාල වාර්තා ලබාදෙන්න කියලා. 

පසුව මේ සම්බන්දව තොරතුරු එකතුකරලා මගේ නිරික්ෂණ සම්බන්දයෙන් නිතිපතිවරයා මගින්  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාවේ තිබෙන කාරණා තවමත් ප්‍රසිද්ධකරලා නැහැ. අධිකරණයේ  මේ සම්බන්දයෙන් නඩුකරයක් පවත්වාගෙන යන නිසා  එම වාර්තාවේ අඩංගු කාරණා  මෙම කමිටුව වෙත ඉදිරිපත් කිරිම සුදුසු නැහැ. “

“නමුත් මෙම වාර්තාව මගින් මා ඉදිරිපත් කළේ නිරික්ෂණ පමණයි. විගණන මතය  හෝ නිගමන මතයක් විදියට ඉදිරිපත් කරලා නැහැ. මම ආර්ථික විද්‍යාඥයකු නොවන නිසා මට එක කරන්න බැහැ. අලාභයක් සිදුවෙලාද කියා විමසලා තිබුනා. ඒ ගැන මට කථාකරන්න බැරිබව අධිකරණයට දැනුම් දුන්නා. මේ සම්බ්න්දයෙන් වගකිවයුතු පුද්ගලයා නිෂ්චය   කරන්න කියලත් දැනුම් දුන්නා. ඒ ගැන නිශ්චිතව මට කියන්න බැහැ කියලා දැනුම් දුන්නා. මෙම වාර්තාව මට ටෙබල්කරගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය විසදාගන්න තිබුනා. නමුත් එක කරන්න බැහැ මේ ගැන අධිකරණයේ නඩුකරයක් තිබෙන නිසා. 

 මේ සදහා පාර්ලිමේන්තුව මිට කලින් මැදිහත් වුනානම්.මෙක පාර්ලිමේන්තුව පැත්තෙන් යම්කිසි ආකාරයකට කරගන්න තිබුනා කියන එක තමයි මගේ  අදහස. මෙම වාර්තාව විගණකාධිපතිවරයා විසින් පාර්ලමේන්තුවට ඉදිරිපත් කළා නම් මෙම වාර්තාවත් සහායක් කරගෙන මෙම කමිටුවට ඉදිරියට යන්න තිබුනා.

 2022 වර්ෂය වන විට රාජ්‍ය ණය ට්‍රිලියන27 දක්වා  වැඩිවුනා. කොවිඩි වංසගතය, පාස්කු ප්‍රහාරය  රටේ  ආර්ථිකය අඩාලවිමට හේතුවුනා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම අනුව  ප්‍රාථමික අතිරික්තයක් ඇතිකරගන්න කියලා  තිබුනා. 2017 හා 2018 යන වර්ෂවල ප්‍රාථමික අතිරික්තයක් ඇතිකරගෙන තිබුනා නමුත් 2019 වර්ෂයේ දි එක අපිට ඉටුකරගන්න බැරිවුනා.

2019 වර්ෂයේ දි අවසන් කාර්තුව තුළ  ක්‍රියාත්මක කරණු ලැබු අදායම්බදුවල විශාල වෙනස්කම් හේතුවෙන්  දේශිය ආදායම් දේපාර්තමේන්තුව විසින් ඉදිරිපත්කරණු ලැබු වාර්තාවට අනුව  ආදායම බිලියන 500කින් අඩුවුනා.  මේතුලින් බලාපොරොත්තු වෙන්න ඇත්තේ බදු අඩුකරලා ආර්ථිකය පුළුල්කරලා ආයෝජනය වැඩිකොට  නිෂ්පාදනය වැඩිකිරිමයි. නමුත් කොවිඩි වසංගතයත් සමග රට වැසුවා. නිෂ්පාදනය අඩාලවුනා.ඒ නිසා තමයි මෙම තත්ත්වයට රට ගමන් කළේ. 2016 වර්ෂයේ දි ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල මගින් ණය ලබාදෙන විට එම ගිවිසුමේ සදහන්ව තිබුනා ආදායම අඩුකරගන්න එපා කියලා.

විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු කාරකසභාව හමුවේ  එසේ සදහන් කොට තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වව්නියාව වැවකින් විකෘති වූ කාන්තා මළ සිරුරක්… 

Next Post

නැන්දම්මයි මස්සිනයි T-20 වර්ල්ඩ්කප් බලන්න ගෙනිච්ච බව ශම්මි පිළිගනී… ෂලනි සහ අනුරාධා එක්ක ගිහින් තියෙන්නේ ජයන්ත ධර්මදාස… කෝප් කමිටුවේ දී හෙළිවෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.