මඩකලපුවේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් පවත්වන ලද විරෝධතාවක් සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් ලවා වීඩියෝ කර දර්ශන රැස්කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් අද (29) පොලිස් දෙපාර්තමේන්තුව දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රදේශයේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වෙමින් සිටියේය. මාධ්‍ය වේදීන් අතර හාඳිමින් සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් විරෝධතාවයේ දර්ශන පටිගත කරන අයුරු මන්ත්‍රිවරයාගේ නිරීක්ෂණයට හසු විය.
නිලධාරීන් නිල ඇඳුමින් නොසිටින්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය. කුමන හේතුවක් නිසා ඔවුන් විරෝධතාව රූගත කරන්නේ ද යන්න විමසුවේය.
“අපි මෙතැනදී ඉල්ලා සිටින්නේ ඝාතනයට ලක් වූ මඩකලපුවේ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කරන ලෙසයි. මාධ්‍යයට සම්බන්ධ නැති අය එම විරෝධතාව රූගත කරනවා. ඇයි එහෙම කරන්නේ? ඉතුරු මාධ්‍යවේදීන් මරන්නද?” ඔහු ප්‍රශ්න කළේය.
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා කොළඹ නගරයේ ද ජනතාව විරෝධතාවයේ නිරත වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එම විරෝධතාත් රූගත කරන්නේ දැයි පොලිසියෙන් ඇසුවේය.
විරෝධතාවය රූගත කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට ඔහු දොස් පවරමින් කියා සිටියේ මෙම වීඩියෝ කිරීම තමන් නිල ඇඳුමින් සිටියදී කළ යුතුව තිබූ බවය.
විරෝධතාව ආවරණය කිරීම සඳහා පැමිණි වෙනත් මාධ්‍යවේදීන් අතර සැඟවී ඉන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කළේය.
“කොළඹට එක නීතියකුත් මඩකලපුවට තව නීතියකුත් හදන්න එපා“ යැයි මන්ත්‍රී ශානකියන් පොලිස් නිලධාරියාට අවවාද කළේය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතාට සති දෙකක කාලයක් කිසිදු විරෝධතාවයකට සහභාගී වීම තහනම් කරමින් ඊයේ (29) නිකුත් කළ අධිකරණ නියෝගය කළවන්චිකුඩි මහේස්ත්‍රාත්වරයා විසින් සංශෝධනය කළේය.
මන්ත්‍රීවරයා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් අද අධිකරණයේ පෙනී සිටියේය.
ඔහු කියා සිටියේ පොලිසිය ලබාදුන් අසත්‍ය තොරතුරු මත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇතැයි ලිඛිතව අධිකරණයට දැනුම් දුන් බවය.
අධිකරණය විසින් එම නියෝගය සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බවත් සුළු සංශෝධනයක් පමණක් සිදු කර ඇති බවත් සඳහන් කළ සුමන්තිරන් මෙම කරුණ මහාධිකරණයට යොමු කරන බවද පැවසීය.







