දිනසේන රතුගමගේ
-
රස්සාව කරන්න මුහුදට බහින්න බැරිවෙන්න කලින් බදු වැඩි කරන්න… ධීවර සංගම් රජයෙන් ඉල්ලයි…
ශ්‍රී ලංකාවේ ධීවර සංගම් විදේශීය රටවල ධීවර සංගම් හා එක්ව මේ වන විට උතුරු ප්‍රදේශය තුළ මුහුදු කූඩැල්ලන් අභිජනනය කරණ ගොවිපලවල් 616 ක් පමණ පිහිටුවා ඇති බව උතුරේ එකසත් ධීවර සමීති සන්ධානය ප්‍රකාශ කරයි.
එහි සභාපතිවරයා කියා සිටියේ මෙම මුහුදු කූඩැල්ලන් අභිජනනය කරණ මධ්‍යස්ථානයක් සඳහා අය කරන බදු මුදල අක්කරයකට රුපියල් දෙදහසක් පමණ වූ සුළු මුදලක් නිසා මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ ගොවිපලවල් පිහිටුවීම ඉතා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ ගොවිපල සංඛ්‍යාව වැඩි වන නිසා උතුරේ ධීවරයින්ට මසුන් මැරීම සදහා ඇති ඉඩකඩ සීමා වී ඇතැයි ද මේ තත්ත්වය 2030 වසර දක්වා ක්‍රියාත්මක වුවහොත් උතුරේ ධීවරයින්ට ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන් විශාල බලපෑලක් සිදුවන බවද සභාපතිවරයා කියා සිටියේය.
මේ නිසා මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාම සඳහා දැනට අය කරණු ලබන ගාස්තුව සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමන ලෙසත් අභිජනනය කරනු ලබන මුහුදු කූඩල්ලන් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් වලින් ගණනය කොට ඊට සරිලන බද්දක් ශ්‍රී ලංකා රජය විසින් විදේශීය සමාගම් වලින් අය කළ යුතු බවත් උතුරේ එක්සත් ධීවර සමීති සන්ධානය සඳහන් කරයි.








