ශ්‍රි ලංකාවේ උතුර සහ නැගෙනහිර සුහදව වෙන් කර දීමට එකඟ වන්නේ නම් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙවීමට ඇති ඩොලර් බිලියන 52 ක විදේශ ණය ගෙවීමට දෙමළ ඩයස්පෝරාව උපකාර කරනු ඇති බව ඉයිඩන් සඳහා වන දමිළයෝ නම් සංවිධානයක් පවසයි.
සිය වෙබ් අඩවියේ මේ පිළිබඳව සඳහන් කර ඇති ඩයස්පෝරා සාමාජිකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් ශ්‍රී ලංකාවේ නායකයින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම ඉල්ලීම කරන බවයි.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පවතින බොහෝ සාධක අතර යුද්ධය සහ විනාශකාරී ආයුධ මිලදී ගැනීමට ශ්‍රී ලංකාව විදෙශ රටවලට ණය වීමද පවතින බවය. තවත් දෙයක් නම් රජයේ සහ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අතර ඇති දැවැන්ත දූෂණය ලෙස ඔවුහු පවසති.
අර්බුදයට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට, කළමනාකරණ කාර්යක්ෂමතාවට සහ ඵලදායිතාවට බාධා කරමින් කුඩා ව්‍යාපාර, උසස් තාක්ෂණ ආශ්රිත රැකියා, නිෂ්පාදන, අපනයන සහ පුහුණුව අත්හැරීමට බොහෝ දෙමළ ජනයාට බල කළ වාර්ගික පවිත්‍රකරණයද ඊට බලපා ඇතැයි මෙම ඩයස්පෝරා සංවිධානය පවසයි.
අධ්‍යාපනය සහ රැකියා සම්බන්ධයෙන් වාර්ගික වෙනස්කම් කිරීම, රජයේ පීඩනය, ඉඩම් කොල්ලය, බොහෝ සංහාර (ජනවාර්ගික කෝලාහල), සහ තවත් ගණන් කළ නොහැකි දෙමළ විරෝධී ක්‍රියා හේතුවෙන් දෙමළ ජනයාට ශ්‍රී ලංකාව හැර යාමට බල කර ඇත.
මෙම තත්ත්වය හමුවේ 2022 වසර වන විට ශ්‍රි ලංකාව ගල් යුගයට ගොස් ඇති බවටද මෙම ඩයස්පෝරා කණ්ඩායම චෝදනා කරයි.







