ඊශ්‍රායලය පලස්තීන භූමිය ආක්‍රමණය කිරීම සහ එහි ජනාවාස පිහිටුවීම නීතිවිරෝධී බවත්, ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් අද දක්වා ඇති ප්රබලතම සාධක අනුව එය හැකි ඉක්මනින් ඉවත් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය (ඊයේ) ප්‍රකාශ කළේය.
ලෝක අධිකරණය ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) විනිසුරුවරුන්ගේ උපදේශන මතය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍යයන් බැඳී නොසිටින නමුත් එම නියෝග ජාත්‍යන්තර නීතිය යටතේ බරක් දරන අතර ඊශ්‍රායලයට ලැබෙන ජත්‍යාන්තර සහයෝගය දුර්වල කළ හැකි වී තිබේ.
“බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල ජනාවාස සහ ඒවාට සම්බන්ධ පාලන තන්ත්රය ජාත්‍යන්තර නීතියට පටහැනිව ස්ථාපිත කර පවත්වාගෙන යනු ලැබේ” යැයි 15 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක තිරණය වී ඇත.
.
ඊශ්‍රායලයේ වගකීම්වලට තමන් සිදුකළ හානිය සඳහා වන්දි ගෙවීම සහ “පවතින ජනාවාසවලින් සියලුම පදිංචිකරුවන් ඉවත් කිරීම” ඇතුළත් බව අධිකරණය පවසා තිබේ.
එහෙත් ජාත්‍යාන්තර අධිකරණයේ ප්‍රකාශයට ඉක්මන් ප්‍රතික්‍රියාවක් ලෙස, ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය එම මතය “මූලික වශයෙන් වැරදි” සහ ඒකපාර්ශ්වික එකක් ලෙස හඳුන්වා ප්‍රතික්ෂේප කළ කර ඇත.
කලාපයේ දේශපාලන විසඳුමකට එළඹිය හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් යන තම ස්ථාවරය ඊශ්‍රයාලය නැවත නැවතත් දක්වා තිබේ.







