ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු මෙරට ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ඉහළ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
එවැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇතැයි පොලිසියේ ආරංචි මාර්ග කියයි.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ජීවිත තර්ජන ඇති බවට විදෙස් බුද්ධි සේවා අනාවරණය කර ඇති බව සඳහන් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මේ අනුව කතානායකවරයා පොලිස්පතිවරයා කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී පොලිස්පතිවරයා පැවසුවේ තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් මේ වනවිට පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ නිශ්චිත තීන්දුවක් ප්‍රකාශයට පත් වී නැත.







