ගතවූ දින 09 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 400 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් 3,056 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ප්‍රධානී හොසේන් කර්මන්පූර් පවසන්නේ මිය ගිය සිවිල් වැසියන්ගෙන් 54 දෙනෙක් කාන්තාවන් හා දරුවන් බවය.
මරණයට පත් වූවන්ගෙන් මෙන්ම තුවාල ලැබූවන්ගෙන් ද අති මහත් බහුතරය සිවිල් වැසියන් බව කර්මන්පූර් පැවසීය.
“තුවාල ලැබූවන්ගෙන් 2,220 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. 232 දෙනෙකුට ප්‍රහාර එල්ල වූ ස්ථානයේදීම බාහිර රෝගී ප්‍රතිකාර ලබා දීලා තිබෙනවා. මෙම කාලය තුළ, රට පුරා අපගේ කැපවූ වෛද්‍ය කණ්ඩායම් තුවාල ලැබූවන් සඳහා සැත්කම් 457 ක් සිදු කළා. ඔහු පැවසුවේය.







