ඊයේ (26) රාත්‍රියෛ් මහනුවරට ඇද හැලුන ධාරාණිපාත වර්ෂාව දරාගත නොහැකිව සිරි දළදා වන්දනාවට පැමිණ පෝලිම්වල සිටි ජනතාව බොහෝ ප්‍රමාණයක් පෝලිම් හැර ගොස් ඇති බව සිරි දළදා වන්දනාව සම්බන්ධව විද්‍යාත්මක දත්ත සපයන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමයේ ප්‍රකාශකයෙක් අද (27) පෙරවරුවේ දී ලංකාසරට පැවසීය.
මේ වනවිට පෝලිම්වල රැඳී සිටින්නේ සියලුම බාධක දරාගෙන සිරි දළදා වන්දනාවට කැපවී සිටින 55000කට ආසන්න පිරිසක් බවත් ප්‍රධාන පෝලිම් තුනම සැතපුම් භාගයක් බැගින් අඩුවී ඇති බවත් ඔවුහු අනාවරණය කළහ.
නැවත පෝලිම්වලට ජනතාව එක් නොවන සේ කළමනාකරණය කරගත හැකිනම් කිසිම අපහසුවකින් තොරව මේ පිරිසට දළදා වන්දනා කළ හැකි බව මේ වනවිට පෙනී ගොස් ඇත.







