ඊයේ ( 24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත නිදහස් කර තිබේ.
ඒ අනුව හෙට නගර සභාවේ පැවැත්වෙන විශේෂ සැසිවාරය සඳහා ඔහු සහභාගීවීමට නියමිතව ඇත.
නගර සභා සභාපතිවරයා ඇප මත නිදහස් වීමෙන් පසු වැඩ බලන නගරසභා සභාපති ලෙස අද පත්වීමට නියමිතව සිටි කඩුගන්නාව නගරසභාවේ උප සභාපතිවරයාට එම තනතුර ලබා නොදීමට තීරණය වී තිබේ.
කඩුගන්නාව නගර සභා සභාපතිවරයාට කූඨ ලේඛණ සකස් කිරීම, මිනිස් ජාවාරම ඇතුළු චෝදනා ගණනාවක් මත එරෙහිව පරීක්ෂණ පැවැත්වෙමින් තිබිණි.
මේ වනවිට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා චූදිත නගර සභා සභාපතිවරයා ගලවා ගැනීම සඳහා විවිධ බලපෑම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.







