සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරන ලද තම නිවසේ විදුලි බිල්පත් හිඟ මුදල සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අද ට්විටර් පණිවිඩයක් මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
රුපියල් මිලියන 12 ක් බවට වාර්තා වූ එම හිඟ මුදල තවමත් අමාත්‍යවරයා විසින් පියවා නැත.
අමාත්‍යවරයාගේ හිටපු නිවසට මෙතරම් බිල්පතක් ලැබී තිබියදී විදුලිය විසන්ධි නොකළේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණි.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය රඹුක්වැල්ල පෙන්වා දුන්නේ තම විදුලි බිල අතාර්කික ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවත්ය.
විදුලිබල මණ්ඩලය මෙම බිල්පත නිකුත් කර ඇත්තේ එම නිවසේ කලින් පදිංචි පුද්ගලයාගේ නමින් බව සඳහන් කළ අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නද තම ඉල්ලීම් දෙකම මෙතෙක් සොයා බලා නොමැති බවය. ට්විටර් හරහා වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ වැරදි තොරතුරු සහ අසත්‍ය ප්‍රවෘත්ති වලට කන් නොදී එම වීඩියෝ පටය බලා නිවැරදි දේ කුමක් දැයි විනිශ්චය කිරීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පල කරන්නේය.
Following a story on Social Media about an outstanding electricity bill invoiced to my residence, I would like to state the following with a video explanation. I trust this will empower you to make the right judgement & not give ear to misinformation & fake news. pic.twitter.com/kJday2qMvE
— Keheliya Rambukwella (@Keheliya_R) February 25, 2022